වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




සුමීගෙන් අහන්න

‘සරසවිය’ මුල් පිටුවේකවිය ලීවේ කවුද?

හෝමාගම ගොඩගම ඩග්ලස් දේද්දුවගේ
ප්‍රශ්නය - ‘චෙම්මින්’ චිත්‍රපටය තෙළඟුද? මලයාලම්ද?
පිළිතුර -
මලයාලම්.

කෑගල්ලේ ගාමිණී වර්ණපුර
ප්‍රශ්නය - ‘ගෝඩ් කිං’ ඉංග්‍රීසි චිත්‍රපටයේ විජය කුමාරතුංග රඟපෑ චරිතය කුමක්ද?
පිළිතුර -
ලලිත්.

මෝදර එම්. ආර්. සී. ඩයස්
ප්‍රශ්නය - ‘සුන්දර හදකට දී පෙම්වරම්’ නමැති ගීතයේ එක් තැනක යෙදෙනවා ‘පුන්සඳ මෝරන කොට සුන්දරයි’ කියලා. මෙය නිවැරදි යෙදුමක්ද?
පිළිතුර -
මෝරලා තියෙන නිසා නේන්නම් ඒකට පුන්සඳ කියන්නේ. පුන්සඳේ තවත් මොනවද මෝරන්න තියෙන්නේ?

පිළියන්දල චාමර විජේසිංහ
ප්‍රශ්නය - ‘රණවිරු රියල් ස්ටාර්’ වැඩ සටහන මෙහෙයවන්ට කමල් අද්දරආරච්චි තෝරා ගැනීම ගැන මොකද හිතන්නේ?
පිළිතුර -
ඉතිං හොඳයිනේ. කමල්ට මේ සම්බන්ධව අත්දැකීම් තිබෙනවා. අනික ඔහුගේ මොඩ්ල් එක තමයි තවමත් හැම සුපර් ස්ටාර් වැඩ සටහනකටම යොදා ගත්තේ.

මාතලේ ධර්මා ඒකනායක
ප්‍රශ්නය - සිරිල් පෙරේරා සංගීතවත් කළ ගීත මොනවාද?
පිළිතුර -
කුස පබාවතී පුවතක් (වේරලියැද්ද) පායා නැඟී ඒවි රන් තාරකා (දිවුල්ගනේ) හුදෙකලා විරාමයක් (අසංග ප්‍රියමන්ත) මී පැණී රහසක් (කිත්සිරි ජයසේකර) වැනි ගීතවල ස්වර් නිර්මාණ ඔහුගේ.

දර්ගා නගරයේ සුරවීර නාකන්දල
ප්‍රශ්නය - ‘අම්බපාලි’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ නිළිය කවුද?
පිළිතුර -
සුප්‍රියා චෞද්රි.

මත්තේගොඩ අජිත් ජෝතිය කරසිංහ
ප්‍රශ්නය - ඉස්සර ‘සරසවිය’ මුල් පිටුවේ ඡායාරූපයට යටින් පද හතරක කවි පේළියක් පළ වුණා. ඒ කවි ලිව්වේ කවුද?
පිළිතුර -
එච්. එම්. කුඩලිගම.

ගෝනපළ සුනිල් බී. වේහැල්ල
ප්‍රශ්නය - ජෝ අබේවික්‍රම රඟපෑ මුල්ම චිත්‍රපටය කුමක්ද?
පිළිතුර -
මුලින්ම රඟපෑවේ ‘දේවසුන්දරී’. ඒත් පළමුව තිරගත වුණේ ඊළඟට රඟපාපු ‘සරදම්’ චිත්‍රපටය.

ඉහළ වීරකොඩියානේ සුනිල් ශාන්ත දිසානායක
ප්‍රශ්නය - මෙරට රූපගත කළ විදේශීය චිත්‍රපට මොනවාද?
පිළිතුර -
බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි, ඩුම්, එළිපන්ට් වෝක්, ඉන්ඩියානා ජෝන්ස්, වෝටර් යනාදී වශයෙන් චිත්‍රපට ගණනාවක් තිැබෙනවා.

මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. මුහේනේ එච්. ඉන්ද්‍රපාල, වැලිපිල්ලෑවේ ප්‍රියන්ත ජයලත්, රාගම වැලිසර රේචල් සෝවිස්, කොටුගොඩ දිසානගම තිස්ස කුමාර කෝරාලගේ, මීරිගම ලින්දර කේ. ආර්. උපාලි, දෙමටගොඩ ආරි එගොඩවත්ත, රන්මුතුගල සරත් ලියනගේ, රත්නපුරේ නීලවාහිනි ඒකනායක, කෑගල්ලේ ලකී යාපා, කැලණිය වරාගොඩ නීටා මාසලින්.

ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න