වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




තරුණයන්ගේ චිත්‍රපට දෙතැනක ඇරඹේ

තරුණයන්ගේ චිත්‍රපට දෙතැනක ඇරඹේ

මෝටර් බයිසිකල්

නවක අධ්‍යක්ෂවරු යුගලක් සිනමාවට හඳුන්වා දෙමින් ඔවුන්ගේ කුළුඳුලේ අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ද්විත්වයෙහි මංගල දර්ශනයන් පසුගියදා පැවැත්විය. ඉන් එක් චිත්‍රපටයත් වූයේ හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ උලත් එකයි පිලත් එකයි' චිත්‍රපටය වේ. එහි මංගල දැක්ම ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේදි පැවැත් විය. ‍‍

අනෙක් චිත්‍රපටය වනුයේ ශමීර රංගන නාඔටුන්නගේ 'මෝටර් බයිසිකල්' ‍චිත්‍රපටය යි. එහි මංගල දැක්ම කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්විණි.

උලත් එකයි පිලත් එකයි


පැරණි හින්දි ගී සංගමයට 15යි

පැරැණි හින්දි චිත්‍රපට සහ ගීත රසික සමාජයේ පහළොස් වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන 'ගීත් මාධුරි' පැරැණි හින්දි ගීත ගායනා ඇතුළත් ප්‍රසංගය මේ මස 04 වැනිදා එනම් එන ඉරුදින උදෑසන මරදාන වටර් රඟහලේදී පැවැත්වේ. මේ සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් ප්‍රවීණ රංගධර රවීන්ද්‍ර රන්දේණිය සහභාගිවනු ඇත. එදා භාරතීය චිත්‍රපට අතර ජනපි‍්‍රය වූ 'බව්ජි බවුරා', 'බර්සාත්', 'සොල්වා සාල්', 'අමර්', 'බාබුල්' ඇතුළු ජනප්‍රිය හින්දි චිත්‍රපට රැසක ගීත මෙම ප්‍රසංගයේදී රසවිඳීමට අවස්ථාව ලැබෙනු ඇත. එමෙන්ම ප්‍රසංගය අතරතුරදී පැරැණි හින්දි චිත්‍රපට ගීත ඇතුළත් සී.ඩී සහ ඩී.වී.ඩි තැටිද ලබා ගැනීමට ඉඩ අවස්ථාව සලසා ඇත.