වර්ෂ 2015 ක්වූ නොවැම්බර් 05 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය

අපේ මුල්ම කතානාද චිත්‍රපටය වන කඩවුණු පොරොන්දුවේ සිට තිරගත කරන ලද සමස්ත සිංහල චිත්‍රපට පිළිබඳ සම්පූර්ණ කාර්මික තොරතුරු ඇතුළත් කොට ලියන ලද මෙම ලිපි මාලාව එතෙක් මෙතෙක් මුද්‍රණයෙන් පළ වූ එකම සිංහල චිත්‍රපට නාමාවලිය වෙයි. 2011 ජනවාරි 20 වැනිදා සිට ඇරඹි මෙම ලිපි මාලාව අනුව දහස් වන සිංහල කතානාද චිත්‍රපටය වූයේ සූරිය අරණ යි. මේ සඳහා බොහෝ කරුණු සපයා දුන් නාලක වීරමන් මහතාට අපේ ස්තූතිය පිරිනැමේ.

හාදු වැස්සක්

තිරගත වූ දිනය - 2004 මැයි 12

ඉදිරිපත් කිරීම - එස්. පී. එම්. ෆිල්ම්ස්

නිෂ්පාදනය - ජූඩ් ආර්. මුත්තයියා

කතාව, දෙබස්, තිර රචනය සහ අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩස්ට්‍රාටන්

සහාය අධ්‍යක්ෂණය - ලෙයෝන් වැන්ඩස්ට්‍රාටන්, ජූඩ් ආර්. මුත්තයියා

කැමරා අධ්‍යක්ෂණය - විලියම් ඔලම්ස්

කැමරා සහාය - යාපා විජය බණ්ඩාර, සසික මංජු

සංස්කරණය - එම්. එස්. අලිමාන්

අංග රචනය - ගාමිණී කොස්තා

කලා අධ්‍යක්ෂණය - සුනෙත් මැල්සිරිපුර, රොෂාන් විජේතුංග

නැටුම් අධ්‍යක්ෂණය - භානුක මහේෂ් සිල්වා

ශබ්ද පරිපාලනය - ජෝරජ් මනතුංග

ශබ්ද සහාය - දිනේෂ් පෙරේරා, ආර්. ලොගේෂ්වරන්, කන්දයියා සෙල්වනාදන්

රසායනාගාර පාලක - තිලක් අබේසිංහ

රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, රොෂාන් ප්‍රියදර්ශන, ආසිරි බරණගේ, සේසිරි බොතේජු

රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්

නිෂ්පාදන කළමනාකරණය - ලුෂියස් පෙරේරා

නිෂ්පාදන විධායක - තිලක් රොෂාන් විජේතුංග, කින්රෝස් විජේසිංහ

විදුලි කාර්මික - අනිල් ප්‍රනාන්දු

කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය - එස්. පී. එම්. චිත්‍රාගාරය

පසුබිම් සංගීතය - අශෝක පීරිස්

ධාවන කාලය - පැය 1.30, පිටපත් 12, දිග අඩි 8750

ගීත හා ගායන ශිල්පීන් -

මේ රාත්‍රියේ වසන්තය - නිරෝෂා විරාජිනි, ඒ. එස්. පී’. ලියනගේ

මේ මද ගීතය - අශෝක පීරිස්

ආදරේ මා සිත මත් කළා - නිලුෂි හල්පිට

ගීත ප්‍රබන්ධය - ලීලානන්ද ආර්. ගුණවර්ධන

නළු නිළියන් - ලක්ෂ්මන් ආරච්චිගේ, අර්ජුන් කමලනාත්, අරවින්ද ඉරුගල් බණ්ඩාර, තනුජා වීරසූරිය, නිලුෂි හල්පිට, සප්නා කරීම්, රෝසි ප්‍රනාන්දු, වසන්ත කුමාරවිල, ජූඩ් මුත්තයියා, සුදත් දොඩංගොඩ, අශෝක් මහවත්ත, හේමන්ත රත්න කුමාර

නැටුම් - සංජු, රෝයි, රෙණුකා, සඳරේකා, සඳුනි


රෑ දනියෙල් දවල් මිගෙල් - 3

තිරගත වූ දිනය - 2004 මැයි 27

ඉදිරිපත් කිරීම - ඊ. ඒ. පී. ෆිල්ම්ස්

නිෂ්පාදනය - සෝමා එදිරිසිංහ

කතාව, දෙබස්, තිිර නාටකය සහ අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා

සහාය අධ්‍යක්ෂණය - ඇන්ටන් කිංස්ලි, ප්‍රදීප් මහේෂ්

කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන සහාය ලලිත් තෝමස්

සංස්කරණය - ඩෙන්සිල් ජයවීර සහාය ප්‍රදීප් මහේෂ්

අංග රචනය - රොහාන් මුදන්නායක

කලා අධ්‍යක්ෂණය - මොහාන් ඇඩැම්ස්

කලා සහාය - බන්දුල වීරසේකර, සංඛ වීරසේකර සංජීව මතඟවීර

ටන් අධ්‍යක්ෂණය - ලාල් කුමාර

නැටුම් අධ්‍යක්ෂණය - වාසනා හල්ගහගොඩ

දෙබස් පටිගත කිරිම, පසුබිම් සංගීතය පටිගත කිරීම ශබ්ද මිශ්‍රණය හා ආරෝපණය - ජෝර්ජ් මනතුංග

ශබ්ද සහාය - පාලිත සිල්වා, පර්සි ගුණවර්ධන, සරත් සිරිබද්ධන

රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් රසායනාගාරය මදුරාසිය

සැකසුම හා චිත්‍රාගාර සේවා - ටී. කේ. ස්ටුඩියෝ

ගීත පටිගත කිරීම - දයානන්ද පෙරේරා (ජන කලා කෙන්ද්‍රය)

ශබ්ද ඉංජිනේරු - එම්. ඒ. ඒ. අල්විස් (ටී. කේ. අල්විස්)

විදුලි කාර්මික - ඒ. ඩී. ප්‍රේමදාස, ප්‍රෑන්ක්ලින් රූප්, ජෝන් මරියදාස්, ඒ. ඩී. රුවන් චමින්ද

ප්‍රවාහන සේවා - මාලන් බින්ඩ්ලි

කැමරා උපකරණ - ඊ. ඒ. පී. ෆිල්ම්ස්

නිෂ්පාදන සැලසුම්කරණය - සුමනා අමරසිංහ

නිශ්චල ඡායාරූප - අතුල ජයසුන්දර

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක

ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට

ගීත ගායනය - ග්‍රේෂන් ආනන්ද, නුවන් ගුණවර්ධන, චම්පා කල්හාරි, සමිතා එරන්දතී මුදුන්කොටුව, ලතා වල්පොල, සංගීත් වික්‍රමසිංහ

ගීත -දවල් මිගෙල් රෑ දනියෙල්

විහඟෙක් වෙන්නට ආසයි

නළු නිළියන් - රන්ජන් රාමනායක, සංගීතා වීරරත්න, බන්දු සමරසිංහ, ටෙනිසන් කුරේ, රුවන්ති මංගලා, රෝයි ද සිල්වා, රොනී ලීච්, මධුරංග චන්දිමාල්, ෆීලික්ස් ප්‍රේමවර්ධන, ශාලිකා සුභසිංහ, දිල්හානි තෙන්නකෝන්, රෝෂිණි තෙන්නකෝන්, චමිල කොඩිකාර, තුෂාරි වීරක්කොඩි, පී. සී. ඩයස්, මංගල ප්‍රේමරත්න, පියදාස එම්. වෙල්ලාලගේ, ඩබ්ලිව්. මනම්පේරි, මෛත්‍රී දිසානායක, නිලංග බමුණුආරච්චි, ප්‍රියන්ත විජේකෝන්, කිත්සිරි අපෝන්සු, සුපුන් සෙනෙවිරත්න, සුනිල් කොස්තා, නිව්මාල් ජිනදාස, පියසේන ජයවන්, ලංකා ප්‍රෑන්ක්, පී. පෙරේරා, ඇම්. කරුණාදාස, දීප්ති ඒකනායක, නිලු හෙට්ටිහේවා, ප්‍රියන්ති කුමාරි ජයනන්ද, මංජුලා නිරෝශිනි, ශ්‍රීනාත් මල්දෙනිය, අජිත් ප්‍රේමදාස, ඇම්. හසන්, නෙවිල් අබේසිංහ, ඩබ්ලිව්. ජයතිලක, සමන් පියතිලක, සුනිල් සිල්වා, පණ්ඩුක සෙනෙවිරත්න, රෝහිත (මිට්ටා)


ආදරණීය වස්සානය

තිරගත වූ දිනය - 2004 මැයි 28

නිෂ්පාදනය - ටුමාරෝ ෆිල්ම්ස් ටුඩේ පුද්ගලික සමාගම

අධ්‍යක්ෂණය - සෙනේශ් දිසානායක බණ්ඩාර

කතාව සහ ගීත රචනය - උපුල් ශාන්ත සන්නස්ගල

තිර නාටකය - සෙනේශ් දිසානායක බණ්ඩාර, නිම්මි හාතියල්දෙනිය

සහාය අධ්‍යක්ෂණය - රුවන් බණ්ඩාර, සුරංග ප්‍රසාද් විජේකෝන්

කැමරාකරණය - අශෝක ජයසේකර, සුමින්ද අරුණළු

සංස්කරණ සහාය - මාලක සම්පත් ද සිල්වා

අංග රචනය - ගුණ ශ්‍රී උයන්ඕවිට

කලා අධ්‍යක්ෂණය - ලාල් හරින්ද්‍රනාත්, සුජීව පරණහේවා, ධම්මික රාජපක්ෂ

නැටුම් අධ්‍යක්ෂණය - චන්දන වික්‍රමසිංහ

ඇඳුම් නිර්මාණය - චානි ලියනගේ, චානි එන්ටර්ප්‍රයිසස්, බොරලැස්ගමුව

කොණ්ඩා මෝස්තර - ඉරේෂා කොඩිතුවක්කු

පසුතල නිර්මාණය - සුදත් දම්සිංහ, හර්මන් පෙරේරා, තිලාන් එස්. විජේසේකර

නිෂ්පාදන කළමනාකරණය - දීපාල් ගුණරත්න

නිෂ්පාදන කෘත්‍යාධිකාරි - නිම්මි හත්යාල්දෙනිය

නිෂ්පාදන සම්බන්ධිකරණය - ලසන්ත නිරෝශන පෙරේරා

නිෂ්පාදන සහාය - නලින් අසංක අපෝන්සු, නිහාල් සෙනෙවිරත්න, ලලිත් මිරිහාගල, නිමල් ඒකනායක, නවරත්න ගමගේ, අශෝක ජයසේකර, බන්දුල වීරක්කොඩි, අනුර ශ්‍රී වසන්ත කුමාර, විනෝද් අරෝෂ

පරිපාලන කළමනාකාරිත්වය - විනෝද් අරෝෂ, නිහාල් සෙනෙවිරත්න ඈපා

ප්‍රචාරක කළමනාකරු - නලින් අසංක අපොන්සු

ප්‍රචාරක ඡායාරූ ශිල්පී - විශ්වනාථ තේනුවර

මාධ්‍ය කළමනාකරු - නිමල් ඒකනායක

දෙබස් පටිගත කිිරිම - ලක්ෂ්මන් ඩයස්

කාර්මික උපකරණ හා පසු නිෂ්පාදන කටයුතු - ටෙලිස්ටාර් පුද්ගලික සමාගම

අතිරේක ශබ්ද ක්‍රියාකරු - සුනිමල් කුලසේකර, අනුර විජේසේකර

විදුලි ආලෝකකරණය - උපාලි විජේසිංහ, අජන්ත කුමාර, අනුර සෝමසිරි

ඩිජිටල් සංස්කරණය, වීඩියෝ ග්‍රැෆික් - ඉසුරු සංජය තේනු ඩයස්

කාර්මික කළමනාකරණය - බන්දුල වීරක්කොඩි

ආලෝක අධ්‍යක්ෂණය - අනුර ශ්‍රී වසන්ත කුමාර

සංගීත අධ්‍යක්ෂණය - නවරත්න ගමගේ

ගී තනු නිර්මාණ - රෝහණ වීරසිංහ, සමන්ත පෙරේරා, නවරත්න ගමගේ

ගීත හා ගායන ශිල්පීන්

මම සස්වාමිකයි ස්වාමි - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

සිහිනයකි ඔබ - කසුන් කල්හාර, උරේෂා රවිහාරි

සඳ පහන් රැයේ - ඉන්දිකා උපමාලි

කුමරාණනේ - මරියසල් ගුණතිලක

සඳ එබෙන්නෙපා - අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව

ඔබ එන්න - මොරිස් විජේසිංහ

නළු නිළියන් - රොෂාන් රවීන්ද්‍ර රාජපක්ෂ (කසුන්), චතුරිකා පීරිස් (චාපා), ප්‍රදීප් සේනානායක (රොහාන්), මාලිනී ෆොන්සේකා, වික්‍රම සෙනෙවිරත්න, එලන් සිල්වෙස්ටර්, සහන් රන්වල, සචිනි අයේන්ද්‍රා, සුසාන් සන්ද්‍රසාගර, දීපාල් ගුණරත්න, පූජිත ද මෙල්, හිරාන් චාමිකර, චමිලා අත්තනායක, ප්‍රභාත් ඒකනායක, කාංචනා කොඩිතුවක්කු, ලාල්දේවා, අවන්ත පෙරේරා, ලුඩ්මිලා ජේ, සුලිතා දිසානායක


ගිනිගත් හෝරාව

තිරගත වූ දිනය - 2004 ජූලි 27

ඉදිරිපත් කිරීම - කොලට්ස් එන්ටර්ප්‍රයිසස්

නිෂ්පාදනය - නුවන් සිරිවංශ

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - ලුවී වැන්ඩස්ට්‍රාටන්

සහාය අධ්‍යක්ෂණය - මහින්ද ගුණවර්ධන

කැමරා අධ්‍යක්ෂණය - දිනේෂ් කුමාර

කැමරා සහාය - ලලිත් තෝමස්

සංස්කරණය - එම්. එස්. අලිමාන්

අංග රචනය - සුමිත් ගල්හේන

සටන් අධ්‍යක්ෂණය - ටිරෝන් මයිකල්

නැටුම් අධ්‍යක්ෂණය - නලින් ගුණරත්න

නැටුම් රංගනය - චන්දිමාල් ලක්මාලි, චින්තිකා චතුරානි

ශබ්ද පරිපාලනය සහ දෙබස් පටිගත කිරීම, ශබ්ද ආරෝපණය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - විමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධරමසිරි, සසික රුවන්, සුමිත් ප්‍රියංකර, රුවන් චාමර, ආර්. එම්. සිරිසේන

වර්ණ සංකලනය - තිලක් අබේසිංහ

රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රොෂාන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරන්ජිත් ප්‍රනාන්දු

රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල

සැකසුම - සරසවි චිත්‍රාගාරය දළුගම

කොණ්ඩා මෝස්තර - චන්ද්‍රිකා රත්නමාලි සැලෝන්

කැමරා උපකරණ - සුනිල් ටී. ෆිල්ම්ස්

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

පද රචනය - හේමසිරි හල්පිට

ගීත ගායනය - නිලුෂි හල්පිට

ගීත - සීතයි සිනාසි බලන්නේ සිනාසි

නළු නිළියන් - අර්ජුන කමලනාත්. අනූෂා සොනාලි, බියංකා ශ්‍යාමලී, නිමල් සුමනසේකර, දයානන්ද ජයවර්ධන, ටිරෝන් මයිකල්, වසන්ත කුමාර, ධම්මික පුෂ්පකුමාර, ප්‍රෑන්ක් කුරුකුලසූරිය, සුනෙත් මැල්සිරිපුර, සුදත් දොඩංගොඩ, චමිත්තා රත්නායක, නිහාල් සිරිවංශ, සුනිල් බමුණුආරච්චි, ජයන්ත ප්‍රනාන්දු


සැලමුතු පින්න

තිරගත වූ දිනය - 2004 අගෝස්තු 05

ඉදිරිපත් කිරීම - සීමාසහිත සිනමාස්

නිෂ්පාදනය - ජී. ආර්. පද්මරාජ්

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - රෝයි ද සිල්වා

සහාය අධ්‍යක්ෂණය - ඇන්ටන් කිංස්ලි, එස්. සිල්වා

කැමරා අධ්‍යක්ෂණය - ජී. නන්දසේන

සංස්කරණය - එල්මෝ හැලිඩේ

අංග රචනය - රොහාන් මදන්නායක

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - වාසනා තල්ගහගොඩ

ශබ්ද පරිපාලනය, දෙබස් පටිගත කිරීම - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - ආනන්ද වික්‍රමරත්න, සුසන්ත ධර්මප්‍රිය, විමල් රණවක, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, සසික රුවන්, සුමිත් ප්‍රියංකර, රුවන් චාමර, ආර්. එම්. සිරිසේන

සැකසුම - සරසවි චිත්‍රාගාරය

රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය, මදුරාසිය

නිෂ්පාදක විධායක - සුමනා අමරසිංහ

ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්, නෙකෝ ශබ්දාගාරය

සංගීත අධ්‍යක්ෂණය - සෝමපාල රත්නායක

ගීත ප්‍රබන්ධය - හේමසිරි හල්පිට

ගීත ගායනය - අතුල අධිකාරි, නුවන් ගුණවර්ධන, ඉෂාක් බෙග්, ඉන්දිකා උපමාලි, සංගීත් වික්‍රමසිංහ

ගීත - සළං රැලින් හෙමින් පාවිලා - ඉන්දිකා උපමාලි

ඔබව සුරකින්නම් පණ සේ - ඉන්දිකා උපමාලි

නළු නිලියන් - අතුල අධිකාරි, ඉන්දිකා උපමාලි, ක්ලීටස් මෙන්ඩිස්, සනත් ගුණතිලක, ඉන්දික ගිනිගේ, හිරාන් චාමිකර, දමයන්ත පෙරේරා, සුනිල් හෙට්ටිආරච්චි, රුවන්ති මංගලා, නිලන්ති ඩයස්, කාන්ති ගුණතුංග, රංජනී පෙරේරා, රංජිත් පෙරේරා, ටෙඩී විද්‍යාලංකාර

ධාවන කාලය - පැය 2 විනාඩි 30 පිටපත් ප්‍රමාණය - 15 - දිග අඩි 12000


ලෙෆ්ට් රයිට් සර්

තිරගත වූ දිනය - 2004 අගෝස්තු 21

ඉදිරිපත් කිරීම - රිද්මා එන්ටර්ප්‍රයිසස්

නිෂ්පාදනය - ජාතික චිත්‍රපට සංස්ථාව

කතාව සහ අධ්‍යක්ෂණය - බන්දු සමරසිංහ

දෙබස් සහ තිර නාටකය - ලාල් පාගොඩආරච්චි

සහාය අධ්‍යක්ෂණය - ඇන්ටන් කිංස්ලි

කැමරා අධ්‍යක්ෂණය - එම්. ඒ. ගෆූර්

කැමරා සහාය - ලලිත් තෝමස්, ප්‍රෑන්ක්ලින් රූප්, ඒ. සී. රුවන් චමින්ද, චූලිත සඳරුවන්, මොහොමඩ් අන්වර්, කේ. ගමගේ, දයානන්ද එදිරිසිංහ

සංස්කරණය - එම්. එස්. අලිමාන්

අංග රචනය - මනෝජ් කුමාර සෙල්වරාජා

කලා අධ්‍යක්ෂණය - සරත් සමරවික්‍රම

සටන් අධ්‍යක්ෂණය - ටෙඩී විද්‍යාලංකාර

නැටුම් අධ්‍යක්ෂණය - කුෂාණි වීරක්කොඩි

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද පටිගත කිරීමේ සහාය - නිමල් රණවක, සුසන්ත ධර්මප්‍රිය, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාර, ආනන්ද වික්‍රමරත්න, ඊ. ඒ. ධර්මසිරි, සසික රුවන්, සුමිත් ප්‍රියංකර, රුවන් චාමර, ආර්. එම්. සිරිසේන

සැකසුම - සරසවි චිත්‍රාගාරය

රසායනාගාර කටයුතු හා පිටපත් මුද්‍රණය - ප්‍රසාද් වර්ණ රසායනාගාරය - මදුරාසිය

නිෂ්පාදන කළමනාකරණය - ස්වර්ණ ෆිල්ම්ස්

ගීත පටිගත කිරීම - නාමල් ප්‍රනාන්දු, සිතුමිණ ශබ්දාගාරය

ඇඳුම් මැසීම - රත්නායක ට්‍රේලර්ස්

ඇඳුම් නිර්මාණය - ස්වර්ණා සමරසිංහ

ශ්චල ඡායාරූප - සුජිත් මහේන්ද්‍ර කුරුප්පු

නාමාවලිය - සාලිය ඩයස්

සංගීත අධ්‍යක්ෂණය - සරත් ද අල්විස්

ගීත ප්‍රබන්ධය - ආචාර්ය අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සෝමපාල ලීලානන්ද

ගීත හා ගායන ශිල්පීන් -

වෙන්නැති ඔබ එදත් පෙම්වතී - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි

ආදර වැස්සක් - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි

පෙම් කළ චාමර සලසලා - ග්‍රේෂන් ආනන්ද, උරේෂා රවිහාරි

නළු නිළියන් - බන්දු සමරසිංහ, විජය නන්දසිරි, නීල් අලස්, සනෝජා බිබිලේ, සුසිලා කෝට්ටගේ, නිලන්ති ඩයස්, සැන්ඩෝ හැරිස්, සුසිල් පෙරේරා, සුනිල් ප්‍රේමචන්ද්‍ර, ටෙඩී විද්‍යාලංකාර, ටිරෝන් මයිකල්, රහල් බුලත්සිංහල, රංජිත් ගාමිණී පෙරේරා, ප්‍රියංකර පෙරේරා, ලාල් කුමාර, රුවන් පුංචිහේවා, ඩබ්ලිව්. ඩී. ලීලාරත්න, නීල් අලස්, සුනිල් පෙරේරා


ප්‍රේමවන්තයෝ

තිරගත වූ දිනය - 2004 සැප්තැම්බර් 03

නිෂ්පාදනය - සුසාන් ප්‍රනාන්දුු

කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - නිශාන්ත ද අල්විස්

සහාය අධ්‍යක්ෂණය - ෂර්ලි අසන්ත ද අල්විස්, රංජිත් යාපා ද අල්විස්

කැමරා අධ්‍යක්ෂණය - කේ. ඩී. දයානන්ද

සංස්කරණය - කුමාරසිරි ද සිල්වා

අංග රචනය - එස්. පී. කොස්තා

කලා අධ්‍යක්ෂණය - ස්ටැනි ද සිල්වා

ශබ්ද පරිපාලනය - ලයනල් ගුණරත්න

ශබ්ද සහාය - ආර්. එම්. සිරිසේන, ඊ. ඒ. ධර්මසිරි, සුමිත් ප්‍රියංකර, සුසන්ත ධර්මප්‍රිය, විමල් රණවක, ජගත් චාමින්ද, කේ. වී. නන්ද කුමාරසිංහ, ආනන්ද වික්‍රමරත්න

රසායනික කටයුතු හා පිටපත් මුද්‍රණය - ඩිල් ප්‍රොසෙස්, බත්තරමුල්ල

වර්ණ සංකලනය - තිලක් අබේසිංහ

රසායනාගාර සහාය - චමින්ද එස්. පෙරේරා, ආසිරි බරණගේ, රෝෂන් ප්‍රියදර්ශන, සේසිරි බොතේජු, සුරංජිත් ප්‍රනාන්දු

චිත්‍රාගාර සේවා - සරසවි චිත්‍රාගාරය, විජය චිත්‍රාගාරය

නිල ඇඳුම් - ශ්‍රීනාත් මල්දෙනිය

කැමරා උපකරණ සැපයීම - සමරසිංහ චිත්‍රපට

සංස්කරණ මැදිරි - විජය චිත්‍රාගාරය

ගෘහ භාණ්ඩ සැපයීම - ලයනල් පර්නිචර්ස්

ධාවන කාලය - පැය 2 - දිග අඩි 12000

නිශ්චල ඡායාරූප - කිත්සිරි ද සිල්වා

සංගීත අධ්‍යක්ෂණය - අතුල සෝමසිරි

ගීත ප්‍රබන්ධය - යාපා බණ්ඩාර සෙනෙවිරත්න, ආචාර්ය අජන්තා රණසිංහ, ප්‍රේමදාස ශ්‍රී අලගියවන්න

ගීත හා ගායන ශිල්පීන් -

සැඟවුණු ප්‍රාර්ථනා - වික්ටර් රත්නායක

ඉගිලුණ ප්‍රාර්ථනා - විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේව

සපිරි සිරින් සපිරි - සමන් බොකලවල, අතුල සෝමසිරි, රත්මලී ගුණසේකර

නළු නිළියන් - ස්වර්ණා මල්ලවආරච්චි, සයිමන් නවගත්තේගම, නදීකා ගුණසේකර, ඉන්ද්‍රජිත් නාවින්න, ගෝතමී පතිරාජ, මර්වින් ජයතුංග ජයලත් මමෝරත්න, ෆ්‍රැන්සිස් වන්නිආරච්චි, එල්සන් දිවිතුරගම, සුගත් සමරකෝන්, රත්මලී ගුණසේකර, චන්දි රසිකා, විමල් හලංගොඩ, ගීතාල් පෙරේරා, ගාමිණී ජේ. පෙරේරා, රංජිත් පෙරේරා, ඩී. එච්. පෙරේරා, සීතා කුමාරි, මෝතිලාල් ගුණසේකර, පියදාස අබේවික්‍රම, ප්‍රෑන්ක් වීරකෝන්, චන්ද්‍රකීර්ති හෙට්ටිආරච්චි, නාමල් ජයසිංහ, ටියුඩර් කරුණාතිලක, කමල් ප්‍රේමලාල්, ඩබ්ලිව්. ඩී. තිලකරත්න, නිව්ටන් වීරසිංහ

විශේෂ - මෙම චිත්‍රපටයේ තිරගත වූයේ එක් පිටපතක් පමණි.