|
අන්දපු ඇන්දිල්ලට
වසන්තටම
දුක හිතිලා
වැඩේ හරිද? මං ඇහැව්වා. මොන? ඇයි මොකෝ වුණේ? මම මිනිහට කතා කළා. මිනිහා මාව හඳුන ගත්තේ නැහැනෙ. මොනවා කියලද ඔයා කතා කළේ? මං කිව්වා මං වසන්ත කුමාරවිල කියලා. ඒත් හඳුන ගත්තේ නැහැ. අන්තිමේ මං හිටපු චිත්‍රපට ටික කිව්වා. ඒත් හඳුන ගත්තේ නැහැ. අන්තිමේ මං ක්ෂේත්‍රයට ආව දවසේ ඉඳලා මං රඟපාපු ජනප්‍රියම නිර්මාණවල මගේ චරිත නම්වලින්ම කිව්වා. ඒත් නැහැ. අන්තිමේ මං ගැන මටම දුක හිතුණා. මං ඉන්නේ කොතැනද කියලා මට දැනුණා. ගොඩක් දුකයි මල්ලි. මටත් හිතා ගන්න බැහැ වුණදේ. මොකද මාධ්‍ය ක්ෂේත්‍රයේ අය වසන්තව නොදැන ඉන්න විදිහක් නැහැනෙ. අන්තිමේ හොයා ගත්තා මොකද වුණේ කියලා. කලබලේට වසන්ත කෝල් කරලා තියෙන්නේ මං යවපු නම්බරේට නෙවෙයි, වෙන එකකට. කතා කරපු කෙනත් වසන්තව අන්දලා හොදටම. ඇත්ත විස්තරේ දැනගත්තම වසන්ත ටිකක් කූල් වුණා. |