|
සරසවිය ආරම්භක කර්තෘ මීමන පේ‍්‍රමතිලක මියගොස් පනස් වසරයි
1963 දී සරසවිය පුවත්පත ආරම්භයේදී එහි කර්තෘ පදවියට පත්වන මීමන සිළුමිණ, සරසවිය යන පුවත්පත් දෙකෙහිම එකවර කර්තෘ ධුරය හෙබවීය. සරසවිය ආරම්භයෙන් තෙමසකට පසු සරසවිය කර්තෘ ධුරය විමලසිරි පෙරේරා මහතාට බාර දෙනු ලැබිණ. ඉන් පසු පුවත්පත වැඩි දියුණු කර පුරා වසර 14 ක් කර්තෘ ධුරය හෙබ වූයේ ඔහුය. කොළඹ යුගයේ කවියකු ද වූ මීමන ප්‍රේමතිලකයන්ගේ දූ දරුවන් අතර පුවත්පත් කලාවේදීන් වූ සුනිල් මාධව ප්‍රේමතිලක සහ ක්‍රීඩා පුවත්පතේ හිටපු කර්තෘ සරත් ප්‍රේමතිලක, රමණී ප්‍රේමතිලක සහ අභාවප්‍රාප්ත සඳුන් ප්‍රේමතිලක ද වේ. සරසවිය පුවත්පත ආරම්භක කර්තෘ මීමන ප්‍රේමතිලකයන්ව 'සරසවිය' සදා අනුස්මරණයෙන් යුතුව සිහිපත් කරයි.
|