වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




Aashiqui  2 ගායකයාගේ චිත්‍රපටය

Aashiqui  2 ගායකයාගේ චිත්‍රපටය

අර්ජිත් සිං බොලිවුඩ් සිනමාවේ මෑත කාලයේ ඉහළ ජනප්‍රියත්වයක් දිනා ගත් පසුබිම් ගායන ශිල්පියෙක්. 2005 වසරේදී Fane Gurukul චිත්‍රපටයෙන් ක්ෂේත්‍රයට පිවිසි අර්ජිත් Aashiqui 2 චිත්‍රපටයේ Hum Hi Ho  ගීතය වෙනුවෙන් 59 වැනි ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම පසුබිම් ගායකයාට හිමි සම්මානයෙන්ද පිදුම් ලැබුවා.

අර්ජිත් සංගීත ක්ෂේත්‍රයෙන් බැහැරව සිනමාවේ තවත් අංශයකට අවධානය යොමු වෙන්නයි සූදානම. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න ඔහු දැඩි උනන්දුවකින් පසුවන බව ආරංචියි. වයස අවුරුදු විසිපහක් වන මේ තරුණ සංගීත ශිල්පියා මේ වන විටත් කෙටි චිත්‍රපට කිහිපයක්ම නිර්මාණය කර අවසන්.