වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




ෂාරුක් - කාජල් - අජේ එක් වෙයි

ෂාරුක් - කාජල් - අජේ එක් වෙයි

බොලිවුඩයේ සුන්දරතම පෙම් යුවළ ෂාරුක් – කාජල්. ඕනෑම කෙනෙක් ඒක අවිවාදයෙන් පිළිගන්නා දෙයක්. දිල්වාලේ දුල්හානියා ලේ ජායෙන්ගේ, කුච් කුච් හෝතා හේ, බාසිගර්, කරන් අර්ජුන්, දිල් තූ පාගල් හේ, කභි කුෂි කභි ගම් වගේම මේ දෙදෙනා අවසන් වරට පෙම්වතුන් වුණේ මයි නේම් ඊස් ඛාන් චිත්‍රපටයේ. ඒ මීට වසර පහකට පෙර.

ෂාරුක් – කාජල් යුවළ දකින්ට පෙරුම් පුරන ප්‍රේක්ෂකයන්ට අලුත් ආරචිංයක්. චිත්‍රපට අධ්‍යක්ෂ රෝහිත් ෂෙට්ටි මේ සඳහා කටයුතු යොදන්නයි සූදානම. ඔහුගේ මීළඟ සිනමා නිර්මාණය Dilwale හි ප්‍රධාන චරිත ෂාරුක් – කාජල් යුවළ වෙනුවෙන් වෙන්කරන්න නියමිතයි. රෝහිත් චෙන්නායි එක්ස්ප්‍රස් චිත්‍රපටය කරන කාලයේදීමයි මේ අලුත් චිත්‍රපටයටත් සූදානම් වෙලා තියෙන්නේ.

1994වසරේදී මේ නමින් හින්දි චිත්‍රපටයක් තිරගත වුණා.එහි අජේ දේවිගන්, සුනිල් ෂෙට්ටි සහ රවීනා තන්දන් රංගනයෙන් දායක වුණා. නමුත් ඒ චිත්‍රපටයේ හෝ වෙනත් චිත්‍රපටයක නව නිෂ්පාදනයක් නොවන බව රෝහිත් පවසනවා. මෙහි ෂාරුක් – කාජල් සමගින් වරුන් ධවාන් සහ ක්‍රිට් සැනොන් ද දායක වෙන්න නිමිතයි. ඒ වගේම අජේ දේව්ගන් රෝහිත්ගේ අතිජාත මිත්‍රයෙක්. ඒ නිසා අජේටත් මේ චිත්‍රපටයේ විශේෂ චරිතයක් වෙන්වේවි. මාර්තු අවසානයේදී Dilwale රූගත කිරීම් ආරම්භ කරන්නත් සූදානම්.