වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




FEEDBACK

ප්‍රතිචාර ඉහළයි

සතියේ සැම දිනකම ජාතික නාළිකාවේ විකාශය වන හිරු දරුවෝ සොබා දහම පිළිබඳ පණිවුඩයක් සමාජගත කරන ළමා ප්‍රතිචාර ඉහළින්ම ලබා සිටින ගුණාත්මක සම්මානනීය ටෙලි නාට්‍යයක් බව කිව යුතුයි.
 

අතුල රම්‍යසිරි

පානදුර

හොඳ රංගනයක

ෆේස් බුක් ටෙලි සිතුවමේ දෙබිඩි චරිතයකට ජීවය දෙන මහේෂි මධුසංඛා ඉතා හොඳ රංගන ශිල්පිණියකි.
 

ශාන්ති බන්ධුනාථ

මහනුවර

ගැලරිය යළි පණගන්වමු

මුල් කාලයේ සිනමාහල්වල ශත පණස් පහට වෙන් වූ ගැලරි අසුන් පෙළ නාගරික කම්කරුවන්ට රැකියා නැති තරුණ පෙළට හා අන් අයට වෙන් විය. චිත්‍රපටවල ප්‍රචාරය මෙන්ම රස වින්දනයේදී ගැලරියේ ප්‍රතිචාර අත්පොඩි ඉතා වැදගත් විණි. එකම චිත්‍රපටය ඔහු දහ දොළොස් වතාවක් නැරැඹූහ. එමෙන්ම චිත්‍රපටය පිළිබඳ ඔවුන්ගෙන් කටින්කට ලැබුණු ප්‍රචාරය ද වැදගත් විය.

චිත්‍රපට සංස්ථාව බිහි වු පසු සිනමා ශාලාවලින් ගැලරි ආසන ඉවත්ව ගියේය. ගැලරි ප්‍රේක්ෂකයෝ වෙනත් විකල්පවලට ඇදී යන්නට විය. අද ප්‍රවේශ පත්‍ර මිල අධික බැවින් ඇදෙන ප්‍රේක්ෂක ප්‍රමාණය ක්‍රමයෙන් පහත බැස්සේය. ඒ නිස එදා ගැලරි අසුන්වලට අදාළව අඩු මිල සහන පන්ති ක්‍රමයක් සිනමා ශාලාවල ඇති කිරීම වඩාත් සුදුසුය.
 

එස්. කේ. ජයවර්ධන

වත්තේගම හිටපු කලාප අධ්‍යක්ෂ

සොමි කැලුම්, නාපාන, ගුන්නෑපාන

ඔබ දකින විට මට සිතුණේ

මහරජ ගැමුණු චිත්‍රපටයේ සුරනිමල යෝධයාගේ චරිතයට පණ පොවන අර්ජුන කමලනාත්ගේ රංගනය දුටුවාම මට සිතුණේ එදා දුටුගැමුණු සේනාවේ සිටි සුරනිමල යෝධයා භවයෙන් භවය ඉපදෙමින් මොරටුවේ ජන්ම ලාභය ලබා හෙළ සිනමාවට සම්බන්ද වුණාදෝ කියාය.
 

සුනිල් චන්ද්‍රසේකර

යාගොඩ මුල්ල

කොටුගොඩ

මෙහෙවර අගෙයි

දශක දෙකකට නොඅඩු කාලයක් ගීයෙන් ශ්‍රාවක සවන්පත් සනසවමින් කීර්ති පැස්කුවල් ගායකයාණන් ශ්‍රී ලාංකේය ගීත කලාවේ උන්නතිය උදෙසා මහ මෙහෙවරක් කළේය. නිල් අහසේ තාරකා ඇතුළු තවත් මධුර මනෝහර ගීතාවලියක් දසදෙස එළි දක්වමින් මෙතෙක් ආ ගමන් මඟෙහි තම ජනප්‍රියත්වය 'කීර්ති ලයිව් ඉන් කොන්සර්ට්' සංගීත ප්‍රසංගය හරහා දිනා ගැනීමට එතුමා සමත් වූවේය. ආධුනිකයන්ගේ හැකියාව මැන බලන රියැලිටි වැඩ සටහන් හි විනිසුරුවරයකු වශයෙන් ද එතුමා කරන මෙහෙවර අගනේය.

 

සුනිල් විජේසිංහ

මතුගම

අවසානය හොඳයි

ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ 'ආදර දෑසක්' ටෙලි නාට්‍ය කාලයකින් දැකීමට නොහැකි වූ මනුෂ්‍යත්වයේ නාමයෙන් ආදරය පිළිබඳ මනා අවබෝධයක් ඇති තරුණයකුගේ ආදරබර කතාවකි. අවංක පරිත්‍යාගශීලී එම තරුණයා තමා පෙම් බැඳ සිටි හදිසියේ හමු වූ තරුණිය ඇගේ පැරැණි පෙම්වතා පසුව මුණ ගැසීමෙන් පසු අතීත තොරතුරු අලුත් පෙම්වතා දැනගැනීම නිසා ඔහු එයට කිසිදු අකැමැත්තක් නොදන්වා තමන්ගේ දේපළ ද පරිත්‍යාග කර ඇගේ පරණ පෙම්වතාටම ඇයව පරිත්‍යාග කරන යස පෙම් කතාවකි. එහි අවසානය හරිම හොඳයි.
 

තිලකරත්න විල්වල

කෑගල්ල

තටාකය පාර

ගෞරවණීයයි

බයිලා යන මැයෙන් 2015. 02. 24 ජාතික රූපවාහිනිය මඟින් රාත්‍රී 10.10 ට විකාශය කරන ලද විනීතා කරුණාරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද වැඩ සටහන අගය කළ යුතුය. කෙනෙකු ජීවත්ව සිටින විට ඔහුට හෝ ඇයට උපහාර පිදීමක් මෙමඟින් සිදුවීම මම දකින යහපත් කරුණකි. රටේ සිදුවන සත්‍ය සිදුවීම් ගීතයට නංවමින් ගී ලොවට නොමැකෙන සලකුණක් තැබූ අසහාය ගායක ඇන්ටන් ජෝන්ස් ගායන ශිල්පියාගේ නිවසේ සිට ඔහු ඉදිරියෙත් තවත් කලාකරුවන් ඔහුගේ ගීත ගායනා කිරීම කොතරම් අගේද. ඇත්තෙන්ම එය සැබවින්ම උපහාරයකි. කෙනෙකු මිය ගියායින් අනතුරුව ඔහුට හෝ ඇයට උපහාර දැක්වීම පාළු ගෙදර වලං බිඳීමකි. ජාතික රූපවාහිනිය මඟින් රසික අප වෙනුවෙන් යහපත් දේ සිදු කරන අතර එහි ගෞරවය අභිනව සභාපති ආචාර්ය සෝමරත්න දිසානායක මහතාට පිරිනැමිය යුතුය.
 

දයාරත්න ගනේගොඩ

කැලණිය

යළි නැරැඹීමට කැමැතියි

සෙවන ගිනියම් ටෙලි නාට්‍ය නැවතත් විකාශය කරන්න. ගොඩක් රසික රසිකාවන් එය නැරැඹීමට කැමැත්තෙන් සිටිනවා.
 

ටී. ඒ. එස්. චිත්‍රා පෙරේරා

වැලිසර

රාගම

S.M.S.

වර්තමානයේදී ඉතිහාස කතා වැඩිපුරම සිනමාවට නැඟුණත් ඇතැම් නිර්මාණවල කිසිදු හරයක් නැත. බලා සිටින්නට ද දෙයක් නැත. හරියට වෙසක් නාට්‍ය වැනිය.
 

නාලක

විහාරගම

අයිවෝ ඩෙනිස් අපට සිටින විශිෂ්ටතම ගායකයෙකි. එදා මෙන්ම අද ද ඔහුගේ හඬ බැබලෙන්නේ රිදී සීනුවක් මෙනි.
 

කේෂානි

අලුත්ගම

රූකාන්ත ගුණතිලකගේ සංගීත හැකියාව හෙළ සිනමාවට යොදා නොගැනීමෙන් සිදු වූ පාඩුව මෙතෙකැයි කියා නිම කිරීමට නොහැකිය.
 

රූකාන්තට ළැදි ශාන්ති

මාකඳුර

මං අහන්නෙත් හිරු, අපේ ගෙදර ඇසෙන්නෙත් හිරු. මගේ ලෝකේ හිරු.
 

ලක්මාලි

වරකපොළ

සිතේ සතුට ජීවිතයේ මිහිර ළං වුණා
ඔබේ ගීත ඇසූ අපට සතුට ළං වුණා
චන්ද්‍ර කුමාර් කඳනාරච්චි ගයන ගායනා
අපේ සිතේ සදාකාලිකවම පැතිරුණා
 

නිමල් ධර්මරත්න

අඟුණුකොළපැලැස්ස

ටෙලි නාට්‍යවල ඇඩ් වැඩියි කියලා අපි කට කැඩෙනකම් කිව්වට වැඩක් නැහැ. ඒවා අඩු කොට නාට්‍ය විකාශය කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නෙත් නැහැ. මෙහෙම යනකොට අපට බලන්න වෙන්නේ දැන්වීම් නාට්‍ය තමයි.
 

අනුලාවතී

හොරණ

බොර දිය පොකුණ නරඹන අපට පැහැදිලි නිර්මාණයකි. එහි රඟපාන නළු නිළියන් සියල්ල තම චරිතයන්ට මනාව සාධාරණයක් ඉටු කොට ඇත.
 

නාලනී

පේරාදෙණිය

නානා ප්‍රකාර ගායකයින් බිහි වුණත් එච්. ආර්. ජෝතිපාලගේ ගීතවලට සමාන කරන්නට කිසිවකුටත් බැරිය.
 

නිලන්ති

අලුත්ගම

නිමන්ති පෝරගේටයි මේ කියන්නේ. ඔබේ පුතා වඩාත් සුදුසු රංගනයටයි. එහෙයින් තවත් පමා නොකොට ඉදිරියේදී තව තවත් නිර්මාණ කටයුතුවලට ඔහුව එකතු කර ගන්න.
 

වසන්ත

අළුබෝමුල්ල

නව පරපුරේ අයගේ උනන්දුවක් නැහැ ස්ටේජ් ඩ්‍රාමාවලට එකතුවන්න. මට හිතෙන විදිහට එයට ප්‍රධාන හේතුව ඔවුන් කැමැති නැහැ කැප කිරීම් කරන්න. ඔවුනට අවශ්‍ය ඉක්මනින් ජනප්‍රිය වෙන්න. ඒක වෙන්න ඇති නව පරපුරේ අය ටෙලිවලට එකතු වන්නේ.
 

ශාන්ති

කටුනේරිය

ශ්‍රියන්ත මෙන්ඩිස් තමයි ගාමිණී ෆොන්සේකාගෙන් පසු මා දුටු දක්ෂම නළුවා. ඔහුට ඉතාම ඉක්මනින් අධ්‍යක්ෂණයට පිවිසෙන්න යැයි ආරාධනා කරමි.
 

මොනිකා කුමාරි දිසානායක

වෙන්නප්පුව

ප්‍රතිචාර සඳහා අලුත් දුරකතන අංකයක් 0773042834

ඔබේ ප්‍රතිචාර SMS මඟින් ඉහත අංකයට එවන්න. ප්‍රතිචාර තැපැල් හෝ සටහන්පත් මඟින් නම්

ප්‍රතිචාර, සරසවිය,
ලේක්හවුස්, කොළඹ 10
  යන ලිපිනය විවෘතය.