වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා

මොකක්ද මේ සැලසිනේ? 

මොකක්ද මේ සැලසිනේ? 

අලුත් නාළිකාවක් ඇරැඹීම අපේ අරමුණයි

- තුසිත ජයවර්ධන

සැලසිනේ ආයතනය 1982 වසරේ පෙබරවාරි 02 වැනිදා මෙරට රාජ්‍ය පාලනයක් යටතේ මාධ්‍ය අංශයෙන් ආරම්භ වූ රූපවාහිනි ආයතනයයි. තිස් වසරකට අධික කාලයක් පුරා ප්‍රචාරන අංශයෙන් දැවැන්ත වැඩ කොටසක් ඉදිරිපත් කළා වූ රාජ්‍ය ආයතනයක් ලෙසින් ද සැලසිනේ සුවිශේෂ වේ. එහි නව සභාපතිවරයා ලෙසින් තුසිත ජයවර්ධන පසුගිය දා වැඩ භාර ගත්තේය. වර්තමානයේ ප්‍රමුඛ පෙළේ වැඩසටහන් නිෂ්පාදන ආයතනයක් ලෙසින් සැලසිනේ ආයතනය හා එහි ඉදිරි පියවර ගැන සභාපතිවරයා සමඟින් විමසමු. විචාරකයන්ගේ දැඩි පැසසුමට ලක් වූ නාට්‍ය නිර්මාණය කළ තුසිත පුවත්පත් කලාවේදියකු, පිටපත් රචකයකු මෙන්ම වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවකු ද වෙයි.

සැලසිනේ ආයතනය හඳුන්වමින් අපි මේ කතාබහ ආරම්භ කරමු?

රාජ්‍ය අනුග්‍රහය යටතේ සැලසිනේ ආයතනය 1982 වසරේ ආරම්භ කළේ එවක අමාත්‍යවරයකු වූ ගාමිණී දිසානායක මහතාගේ ආශිර්වාදයෙන් සැළසුම් ක්‍රියාක්මක කිරීමේ අමාත්‍යාංශය යටතේයි. එකල සැලසිනේ ආයතනයේ මූලිකම අරමුණ වුණේ මහවැලි ව්‍යාපාරයේ මාධ්‍ය ඒකකය වශයෙන් කටයුතු කිරීමයි. පසුකාලීනව විවිධ අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මකව වර්තමානයේ ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකයි.

සැලසිනේ ආයතනයේ කාර්යභාරය ගැන පැහැදිලි කළොත්?

මේ වන විට සැලසිනේ ආයතනය සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේ අමාත්‍යාංශය, දෙපාර්තමේන්තු, ව්‍යාපාරික මණ්ඩල වැනි සියලු අංශවල ප්‍රචාරණ කටයුතු මූලික වශයෙන් සිදු කිරීම කරනු ලබනවා. ඒ වගේම රාජ්‍ය අංශයටම පමණක් සීමා නොවී පෞද්ගලික අංශය සමඟත් ප්‍රචාරණ කටයුතු කරමින් සිටිනවා. මූලිකවම ප්‍රචාරණ කටයුතු සඳහා අයත් සියලු ඉසව් අපි ආවරණය කරනවා. රූපවාහිනි වැඩසටහන්, වෙළෙඳ දැන්වීම් ආදී කටයුතු අප විසින් නිර්මාණය කරනවා. පුළුල් පරාසයක ප්‍රචාරණයට අයත් සියලු කටයුතු සැලසිනේ ආයතනය හරහා ඉටු කෙරෙනවා. තිස් වසරක් පුරා විවිධ සභාපතිවරුන් යටතේ පැමිණ අද වන විට සැලසිනේ ආයතනය යම් තත්ත්වයක සිටිනවා. මෙය භාණ්ඩාගාරයෙන් මුදල් ලබන ආයතනයක් නෙවෙයි. ආයතනය මුදල් උපයා ගත යුතු වෙනවා. එනිසා ලාභ උපයාගෙන කටයුතු කරන්න සැලසිනේ ආයතනයට සිදු වෙනවා.

මේ වෙනුවෙන් පෙළ ගැසී සිටින කාර්ය මණ්ඩලය ගැනත් සඳහන් කළොත්?

රාජ්‍ය යාන්ත්‍රණය යටතේ තිබුණත් කළමනාකාරිත්වය දෙස බැලීමේදී එය ක්‍රියාත්මක වන්නේ පෞද්ගලික ආයතනයක් පරිද්දෙන්. රාජ්‍ය නීති රාමුව යටතේ පෞද්ගලික වාණිජ ලෝකයට ඇවැසි යම් යම් ගුණාංග අප සතු වෙනවා. ඒ නිසා රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම සම්මිශ්‍රණයක් ලෙසින් සැලසිනේ ආයතනය ක්‍රියාත්මක වෙනවා. ඒ වෙනුවෙන් දක්ෂ කාර්ය මණ්ඩලයක් සැලසිනේ ආයතනය සමග බැඳී සිටිනවා.

වර්තමාන වෙළෙඳපොළ තුළ පෞද්ගලික අංශය සමඟින් ඇති වී තිබෙන තරඟකාරිත්වයට සැලසිනේ ආයතනය මුහුණ දෙන්නේ කුමන ආකාරයෙන්ද?

ආයතනය රාජ්‍ය වුණත් පෞද්ගලික අංශය සමග කටයුතු කිිරීමේදී ඒවා සමඟ තරඟ කරන්න අපට සිදු වෙනවා. මේ දක්වා පැමිණි දුර මෙන්ම පෞද්ගලික අංශයට දුන් තරඟය මද බව වැටහෙනවා. එයට අතීත භාවිතාවේ ඇතැම් දේ බලපැම් කර තිබෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය තුළම සිරගත වී සිටීමත් එයට හේතුවක්. අත්දැකීම් බහුල නිලධාරීන්ගේ මඟ පෙන්වීම මෙවැනි ආයතනයකට විශේෂයෙන් වැදගත් වෙනවා. එසේ නොවුණා නම් සැලසිනේ ආයතනය මීට වඩා පුළුල් ස්ථානයක සිටින්න ඉඩ තිබුණා. නමුත් අපේ මේ වෑයම සාර්ථකව තරඟකාරී ලෙසින් ඉදිරියට ගොස් මෙම ආයතනය මීට වඩා ස්ථිර තත්ත්වයකට පත් කිරීමයි.

මගේ අදහස සැලසිනේ ආයතනය රූපවාහිනි නාළිකාවක තත්ත්වයට පැමිණිය යුතුය යන්නයි. ඒ සඳහා ඇවැසි නිිර්මාණශීලී කාර්ය මණ්ඩලයක් ආයතනය සතුයි. රාජ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රචාරණ අවශ්‍යතාවය සියයට සියයක් සපුරාලමින් පෞද්ගලික අංශයටත් තරඟකාරී අයුරින් ඉදිිරියේදී අපට ක්‍රියා කළ හැකි වනු ඇති බව විශ්වාස කරනවා

ඒ වෙනුවෙන් ඔබ ක්‍රියාවට නංවන්න බලාපොරොත්තු වන ඉදිරි පියවර මොනවාද?

වර්තමාන වෙළෙඳ ලෝකය සමඟ තරඟකාරී මට්ටමට පැමිණීමට මෙහිදී අවශ්‍ය වෙනවා. ඒ සඳහා එක රාමුවකට කොටු වෙලා අපට කටයුතු කරන්න නොහැකි වෙනවා. මාවත් කිහිපයක් ඔස්සේ සාර්ථක වැඩ පිළිවෙල කිහිපයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම වෙබ් නාළිකාවක් ආරම්භ කිරීම ඒ අතරේ මූලික වෙනවා.

ඊට අමතරව ක්ෂේත්‍රයට විශාල අඩුපාඩුවක්ව පවතින වෘත්තීය වශයෙන් මාධ්‍ය හැදෑරීමට අවස්ථාව උදාකර දීමටත් බලාපොරොත්තු වෙනවා. දිවයින පුරා මේ සම්බන්ධ කොතෙකුත් ආයතන පැවතියද නිසි ප්‍රමිතියෙන් විධිමත් අධ්‍යපනයන් ලබා දෙන ආයතනවල අඩුවක් පවතිනවා. ඒ හිඩැස පුරවමින් මාධ්‍ය පුහුණු ආයතනයක් ක්‍රියාත්මක කර වෘත්තීය වශයෙන් මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ දැනුමැති තරුණ පිරිසක් බිහි කිරීමට අපි සූදානම් වෙනවා.

ඒ වගේම මුදල් ගෙවා අනෙකුත් රූපවාහිනි නාළිකාවන් හි ඉඩකඩ වෙන් කර ගනිමින් සැලසිනේ ආයතනයේ වැඩසටහන් ඉදිිරිපත් කරන්නත් කටයුතු යොදන්න නියමිතයි. අපේ රටේ හොඳම රූප රචනා පුස්තකාලය අප සතුව තියෙනවා. එහි ප්‍රයෝජනය නිසි ලෙසින් ලබා ගැනීම අපේ වගකීමක්. මේ යටතේ විවිධ තේමා ඔස්සේ වැඩසටහන් ජනතාවට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙතෙක් අක්‍රියව පැවැති වැඩසටහන් නිෂ්පාදනය කර සක්‍රීය කරන්නත් කටයුතු යෙදීම අපේ ඉදිරි පියවර අතරට ඇතුළත්. පසුගිය කාලයේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දේශපාලන මාෆියාවක් ක්‍රියාත්මක වුණේ. දක්ෂ නිර්මාණකරුවන් නිර්මාණ කළත් ඒවා එළි දක්වන්න කොමිස් මුදල් ගෙවිය යුතු තත්ත්වයක් උදා වී තිබුණා. මමත් එවැනි අත්දැකීම් ලද නිර්මාණකරුවෙක් වුණා. ඔවුන්ගේ නිර්මාණ එළි දැක්වීමට අවස්ථාව ලබාදීමට ඉඩ ලබා ගන්න ක්‍රමවේදයක් සකසන්න මගේ අදහසක් තියෙනවා. මේ සියලු කටයුතු වෙනුවෙන් දක්ෂ කාර්ය මණ්ඩලයක් ආයතනය සමග බැඳී සිටිනවා. ඒ නිසා මෙම වැඩ පිළිවෙල සාර්ථක කර ගැනීමට හැකි වේවි යන අධිෂ්ඨානය ඇතිව ක්‍රියා කරන්න බලාපොරොත්තු වෙනවා.