වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




සරච්චන්ද්‍ර නාට්‍ය පුහුණු හා පර්යේෂණ ආයතනය විවෘත වූ වගයි

සරච්චන්ද්‍ර නාට්‍ය පුහුණු හා පර්යේෂණ ආයතනය විවෘත වූ වගයි

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් කලපලුවාව, හීනටිකුඹුර, තලංගම උතුර ස්ථානයේ සාදා නිම කරන ලද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර නාට්‍ය පුහුණු හා පර්යේෂණ ආයතනය 2015 මාර්තු මස 11 වන දින යෙදුණු සුභ මොහොතින් සංස්කෘතික රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලද අතර, ඒ සඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 10 කි.

මෙම උත්සව අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් එච්. ඩී. එස් මල්කාන්ති මහත්මිය, ලලිතා සරච්චන්ද්‍ර මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි විය.