වර්ෂ 2015 ක්වූ මාර්තු 19 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

ඇකඩමි සම්මාන 4 ක් දිනූ ද ග්‍රෑන්ඩ් බුඩාපෙස්ට් හොටෙල්
(THE GRAND BUDAPEST HOTEL)

මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී වඩාත් කතාබහට ලක් වූ චිත්‍රපටයකි ග්‍රෑන්ඩ් බුඩාපෙස්ට් හොටෙල් චිත්‍රපටය. ජේම්ස් බොබින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය හොඳම අධ්‍යක්ෂවරයා ලෙස ඔහුගේ නම ද නාමයෝජනා ලැබීය.

හොඳම ඇඳුම් නිර්මාණය සඳහා මිලෙනා කැකොතොරෝ ද, හොඳම වේශ නිරූපණය සඳහා ෆ්‍රැප්සිසි හැනෝන් සහ මාර්ක් කොලියර් ද, හොඳම ස්වීය සංගීතය සඳහා ඇලෙක්සැන්ඩර් ඩෙස්ප්ලට් ද, හොඳම නිෂ්පාදන සැලසුම්කරණය සඳහා ඇඩම් ස්ටොන්ෆ්‍රසේන් (නිෂ්පාදන), ඇනා පිනොක් (පසුතල) ද සම්මානයෙන් පිදුම් ලැබීය.

රිකි ග්‍රේටේස්, ටයි බුරෙලි,මීනා ෆේව්, ස්ටීව් වයිට්මියර්, එරික් ජාකොබ්සන්, ඩේව් ගොයිල්ස්, බිල් බරෙට්ටා, ඩේවිඩ් රූඩ්මස් රංගනයෙන් දායක වූ ග්‍රෑන්ඩ් බුඩපෙස්ට් හොටෙල් චිත්‍රපටයේ සංගීතය ක්‍රිස්ටෝප් බෙන් ගෙනි.

හෝඩුවාවල් පසු පස හඹා යනට්‍රේසර්ස් (TRACERS)

ඩැනියෙල් බෙන්මයෝර් අධ්‍යක්ෂණය කළ ට්‍රේසර්ස් නව යොවුන් තරුණයන් පිරිසකගේ ජීවන අත්දැකීිමක් කුතුහලයෙන් පිරි චිත්‍රපටයක් බවට පත් කළ කදිම අවස්ථාවකි.

ට්‍රේලර් ලයෝනර්, මෙරිල් ඇව්ගේරෝපොලස්, රවි ගැටිටොන් රඟන ට්‍රේසර්ස් තුළින් කුතුහලය පිරි නවමු අත්දකීමක් ප්‍රේක්ෂක ඔබට ලබා ගත හැකිය.

එය මිනීමැරුමක් නොවේ. එහෙත් ඔවුන්ට ඔබව හසු කරගත නොහැක.

වීර පොලිස් නිලධාරියකුගේ කතාවයි

කාකි සට්ටෙයි (KAAKI SATTAI)

දෙමළ සිනමාවේ අතිශය ජනප්‍රිය පැරැණි චිත්‍රපටයක් වන කාකි සට්ටෙයි චිත්‍රපටයේ නව නිෂ්පාදනයක් ලෙසින් එළි දකින මෙය ආර්. එස්. දුරේයිසෙන් නිල් කුමාර්ගේ අධ්‍යක්ෂණයකි.

ශිවකාර්තිකයාන්, ප්‍රභූ, ශ්‍රී දිව්‍යා, විජේ රාස්, මනෝලා විද්යුලේඛා, රාමන් ඉම්මාන් අන්නච්චි, කල්පනා නගිනේද්‍ර සමඟ යුවිනා පාර්තවි රංගනයෙන් දායක වී ඇත.

මෙය මේ දිනවල ශ්‍රී ලංකාවේද තිරගත වන චිත්‍රපටයකි. වුල් කාක්කයි චෙට්ටයි චිත්‍රපටයේ රඟපෑවේ කමල් හසන්ය.

ස්නෝබේරි ඩේස් (SWOWBERRY DAYS)

සජීවිකරණ චිත්‍රපටවලට මහත් සේ ඇළුම් කරන පොඩිත්තන්ට රස විඳීමට කදිම චිත්‍රපටයකි ස්නෝබෙරි ඩේස් චිත්‍රපටය.

සන්දමරුත්තාම් (SANDAMAROTHAM)

දෙමළ සුපිරි නළු සරත් කුමාර් රඟන නවතම චිත්‍රපටයයි සන්දමරුන්තාම් චිත්‍රපටය.

ජනප්‍රිය දෙමළ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වන ඒ.

වෙන්කටේෂ් අධ්‍යක්ෂණය කර ඇති මෙහි සරත් කුමර් සමඟ දිව්‍යා, මීරා නන්දන් ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වී ඇත.

ඩම්බ් ඇන්ඩ් ඩම්බර් ටු (DUMB AND DUMBER TO)

කලකට ඉහත අතිශය ජනප්‍රිය වූ හාසෙේ‍යීත්පාදක චිත්‍රපටයක් වූ ඩම්බ් ඇන්ඩ් ඩම්බර් චිත්‍රපටයේ දෙවන කොටස වන ඩම්බි ඇන්ඩ් ඩම්බර් ඩී. වී. ඩී. පට මේ දිනවල නිකුත්ව ඇත.

ඩම්බ් ලෙස ජෙෆ් ඩැනියල්ස් ද, ඩම්බර් ලෙස ජනප්‍රිය විකට චරිතාංග නළුවකු වන ජිම් කේරි සමඟ රිචෙල් මෙල්වින්, පැට්ට්‍රිෂියා ෆ්‍රෙන්ච් සමඟ බිල් මරේ රඟන ඩම්බ් ඇන්ඩ් ඩම්බර් ටු චිත්‍රපටය ඩුම් බොබි සමඟ පීටර් ෆැලි අධ්‍යක්ෂණය කර ඇත.

ඩී. වී. ඩී. අනුග්‍රහය නීරෝ සී. ඩී.හවුස්

මල්වත්ත පාර