වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




වැටුනත් නැගිටලා

වැටුනත් නැගිටලා

නටන්න බැරි කෙනාට පොළව ඇදයි කියනවාලු නේ. ඒ වුණත් යස අගේට ගායනය සමගින් නර්තනයද ඉදිරිපත් කරන බොහෝ දක්ෂයන් ලොව වටා ඉන්නවා. පසුගිය දවසක ලෝ ප්‍රසිද්ධ ගායන තරුවකුත් වැටෙන්න ගිහින්. ඒ පොළව ඇද නිසාවත් ඇයට නර්තන හැකියාව නොමැතිවීම නිසාවත් නම් නොවෙයි.

ජනප්‍රිය අමෙරිකානු ගායිකාවක සහ රංගන ශිල්පිනියක වන ඇරීනා ග්‍රාන්ඩේට තමයි සංදර්ශන වේදිකාවදී මේ අපූරු සිදුවීමට මුහුණ දෙන්න සිදු වෙලා තියෙන්නේ. ඒ වුණත් එයින් පසු ඇයගේ හැසිරීම නම් කාගේත් ප්‍රශංසාවට ලක් වුණා. ලොස් ඇන්ජලීස්හි පැවති The Jingle Ball Tour ප්‍රසංගයේදීයි ඇයට මෙම සිදුවීමට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ.

ඇරීනා මෙහිදී ගායනය සමගින් රංගනයක් ඉදිරිපත් කරන විටදී ඇය වැටෙන්න ගිහින්. සිරුරේ සමබරතාවය පවත්වා ගන්නට ඇය සතුවූ දක්ෂතාවය නිසා නොවැටී බේරුනත් ඇය “තව පොඩ්ඩෙන් මැරෙනවා” යැයි පවසා තිබෙනවා. මේ අවස්ථාවේදි ඇරීනා ගායනා කරමින් සිට ඇත්තේ Love Me Hard ගීතයයි. වැටෙන්න ගියත් ඉන් අනතුරුව හරිම අපූරුවට සංදර්ශනයේ ඉදිරි කටයුතු කරගෙන ගිය බවයි ආරංචි. අමෙරිකානු සංගීත සම්මානලාභී ඇරීනා ලබන 2015 වසරේ ග්‍රැමී සම්මානයක් සඳහාත් නිර්දේශිතවයි සිටින්නේ. ඇයගේ නවතම ගීත එකතුවMy Everything ඇල්බමය පසුගිය අගෝස්තු මාසයේදී එළිදැක්වූවා.