වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරේ වැඩි හින්දයි

ආදරේ වැඩි හින්දයි

පසුගිය දිනෙක අපේ නළු නිළි කාණ්ඩයක් ගියා මහරගම පිළිකා රෝහලට. එහි ළමා වාට්ටුවල ප්‍රතිකාර ගන්නා ළමයින්ගේ සුවදුක් සොය බලන්න තමයි මේ අය එහෙට ගිහින් තියෙන්නේ. එහිදී එතැන හිටපු වැඩි දෙනෙක් සිංදු කියලා නටල පොඩි පොඩි විමෝදාත්මක ක්‍රියාකාරකම් කරලා පුංචි ළමුන්ව අමන්දානන්දයට පත් කළාලු. මේ අතර එක තාරකාවක් පමණයි ඒ ළමයින්ව ළං කරගෙන හුරතල් කරලා තියෙන්නේ. ඒ වෙනින් කවුරුවත් නෙවෙයි, ගයේෂා පෙරේරායි.

ඔක්කොටම වඩා හොඳම ප්‍රතිකාරය තමයි ආදරය දැනෙන්න ඉන්න එක.

ගයේෂා එහෙම කිව්වේ ළඟ හිටපු හිතවතෙකුට. අපිත් ඉතින් ඒ සිද්ධිය බලාගෙන ඉඳලා ගයේෂාටත් නොකියා මෙන්න මෙහෙම පත්තරේ පළ කළා.