වර්ෂ 2014 ක්වූ දෙසැම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




ඉස්තෝප්පු අඩස්සියක

ඉස්තෝප්පු අඩස්සියක

මේ දිනවල උතුම් පැතුම්, දේදුනු, හිරු තනි වෙලා වැනි නිර්මාණ සමඟින් අප හමුවන නව පරපුරේ රංගන ශිල්පිනී රුක්ෂානා දිසානායකට නිවසේ ඉස්තෝප්පු අඩස්සියේ ඉන්න සිද්ධ වෙලා. එහෙම කිව්වාම ඔබ බලනවා ඇති ඇයට මොකක්ද මේ වුණ හදිය කියලා. සරලව සඳහන් කළොත් මෙන්න මෙහෙම දෙයකුයි රුක්ෂානාට වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඇයට රූගත කිරීමක් සඳහා දිනයක් දුන්නාම ඇය මුළු දවසම ඒ වෙනුවෙන් තියා ගන්නවා.

එහෙම ඇයට දීපු දිනයක උදෑසන රූපගත කිරීම්වලට සහභාගි වෙලා. එදින පැයක් විතර යද්දී රුක්ෂානාගේ දර්ශන රූගත කොට නිම වුණාලුු. ඇය එවලෙම ගෙදර ඇවිත්. ගෙදර කවුරුත්ම නැහැලු. සැමියත් වැඩට ගිහින්. අම්මත් එන්නෙ හවසලු. මල්ලි එයාගේ වැඩවලට එළියට ගිහිල්ලා. අන්තිමේ රුක්ෂානා ඉස්තෝප්පුවට වෙලා හැමෝටම කතා කරලා. ඒ සේරමලා හිතාගෙන ඉඳලා තියන්නේ රුක්ෂානා දවසම ෂූටිං කියලලු. ඇය වේලාසනින් එනවා කියලා දන්නවා නම් යතුර අසල්වාසී නිවසක තියනවා කියලා ඔවුන් කිව්වලු. කොහොම හරි පැය ගාණක් ඇය ඉස්තෝප්පුවේ ඉඳලා. හවස් වෙන කොට ගෙදර කට්ටිය ආවම තමයි ඇයට යළිත් ගෙදරට ඇතුළු වෙන්න වෙලා තියෙන්නේ.