වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




බලනවා නම් චිත්‍රපට

බලනවා නම් චිත්‍රපට

අද ලොව ජනප්‍රිය චිත්‍රපට ඩී. වී. ඩී. මගින් දැක ගන්න ඔබට අත්වැලක් වෙන්නයි මේ වෑයම.

Warth of the Titans

සුරංගනා කතා තේමාවක් රැගත් ‘වෝර්ත් ඔෆ් ද ටයිටන්ස්’ ජොනතන් ලෙබ්ස්මන්ගේ අධ්‍යක්ෂණයක්. 2010 වසරේ තිරගත වූ ‘ක්ලෑෂ් ඔෆ් ද ටයිටන්ස්’ චිත්‍රපටයේ දෙවැනි කොටස ලෙස නිර්මාණය වූ මෙය මිනිත්තු 99 ක ධාවන කාලයකින් යුතු වේ. සෑම් වෝතිංග්ටන්, රොස්මන්ඩ් පීක්, බිල් නිගී, එඩ්ගා රමීර්ස්, ටොබී කිබෙල්, ඩැනි හියුස්ටන්, රැල්ප් ෆයින්ස් ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘වෝර්ත් ඔෆ් ද ටයිටන්ස්’ ත්‍රිමාණ සජීවකරණ චිත්‍රපටයකි.

Lockout



‘ලොක්අවුට්’ ප්‍රංශ විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක්. ජේම්ස් මැතිව් සහ ස්ටෙෆන් ලේගර් අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු 95 ක ධාවන කාලයකින් යුතු වේ. ගයි ප්රේස්, මැගී ග්‍රේස්, වින්සන්ට් රේගන්, ජෝෂප් ගිල්ගන්, ලෙනී ජේම්ස්, පීටර් ස්ටෝමාරේ ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.

The Three Stooges

‘ද ත්‍රී ස්ටූජස්’ හාස්‍යමය හොලිවුඩ් චිත්‍රපටයක්. පීටර් ෆෙරෙලි සහ බොබී ෆෙරෙලි අධ්‍යක්ෂණය කළ මෙහි සේන් හේයිස්, විල් සැසෝ, සොෆියා වර්ගාරා, ක්‍රෙග් බීර්කො, ලැරී ඩේවිඩ්, ජේන් ලින්ච් ප්‍රධාන චරිත සඳහා පණ පොවති. ‘ද ත්‍රී ස්ටූජස්’ මිනිත්තු 92 ක ධාවන කාලයකින් යුතු වේ.

American Reunion

‘ඇමරිකන් රියුනියන්’ හාස්‍ය රැගත් හොලිවුඩ් චිත්‍රපටයක්. ජෝන් හර්විට්ස් සහ හේඩ්න් ස්කොල්ස්බර්ග් විසින් අධ්‍යක්ෂණය කළ මෙහි ජේසන් බිග්ස්, ක්‍රිස් ක්ලේන්, තෝමස් ලැන් නිකොලස්, සේන් විලියම් ස්තොට්, ටාරා රෙයිඩ්, මෙනා සුවාරි, එඩී කායේ, ඩානියා රමිර්ස් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.

Headhunters

‘හෙඩ්හන්ටර්ස්’ ත්‍රාසජනක සිදුවීම් රැගත් නොර්වේජියානු ක්‍රියාදාම චිත්‍රපටයක්. මෝර්ටන් ටෙල්ඩ්‍යුමි අධ්‍යක්ෂණය කළ මෙය මිනිත්තු සියයක ධාවන කාලයකින් යුතු වේ. අක්සෙල් හැනී, නිකොලජ් කොස්ටර්, සෙනෝව් මැකොඩි, ජුලයින් ඔල්ගාර්ඩ්, එවින්ඩ් සැන්ඩර් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.

Beyond the Black Rainbow

‘බියොන්ඩ් ද බ්ලැක් රේන්බෝ’ විද්‍යා ප්‍රබන්ධ හොලිවුඩ් චිත්‍රපටයක්. පනෝස් කොස්මැටොස් අධ්‍යක්ෂණය කළ මෙහි මයිකල් රොජර්ස්, ඊවා ඇලන්, ස්කොට් හේලන්ඩ්ස්, මර්ලින් නෝරි, රොන්ඩෙල් රෙනෝල්ඩ්සන් ප්‍රධාන චරිත නිරූපණය කරති. ‘බියොන්ඩ් ද බ්ලැක් රේන්බෝ’ මිනිත්තු 110 ක ධාවන කාලයකින් යුතු වේ.

David

‘ඩේවිඩ්’ ත්‍රාසජනක සිදුවීම් රැගත් හින්දි ක්‍රියාදාම චිත්‍රපටයක්. රටවල් තුනක ඩේවිඩ් නමින් ජීවත් වෙන පුද්ගලයන් දෙදෙනෙකු වටා ගෙතුන කතාවක් මෙහි ඇතුළත්වේ. බෙජෝයි නම්බියාර් අධ්‍යක්ෂණය කළ මෙහි වික්‍රම්, නීල් නිතින් මුකේෂ්, විනේ විර්මානි, තාබු, ලාරා දත්තා, ඉෂා ෂර්වානි ප්‍රධාන චරිත නිරූපණය කරති.

Special 26

‘ස්පෙෂල් 26’ හින්දි හාස්‍යමය චිත්‍රපටයක්. නීරජ් පාන්ඩේ අධ්‍යක්ෂණය කළ මෙහි අක්ෂේ කුමාර්, කජාල් අගර්වාල්, ජිම් ෂෙගිල්, මනෝජ් බජ්පායි, අනුපම් කේර්, දිව්‍යා දත්ත ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.