වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමාගේ අවධානය පිණිසයි

චිත්‍රපට සංස්ථාවේ සභාපතිතුමාගේ අවධානය පිණිසයි

හැඳුනුම්පතක් ගැන කතාබහක්

පසුගිය දවසක දර්ශන තලයක විවිධ කතාන්දර මැද්දේ හිටි හැටියේම හැඳුනුම්පත් පිළිබඳ කතාන්දරයක් ඇරැඹුණා. එතන හිටිය බොහෝ දෙනා තම තමන්ගේ ජාතික හැඳුනුම්පත් පිළිබඳ කතාබහ කළා. තව තව හැඳුනුම්පත් ගැන කතා අතරේ කරළිය උණුසුම් කළේ ජාතික චිත්‍රපට සංස්ථාවේ හැඳුනුම්පත ගැන කතාන්දරයකින්. එතන හිටිය බොහෝ දෙනා ජාතික චිත්‍රපට සංස්ථාවේ හැඳුනුම්පත ගැන කතා කළේ දැඩි අප්‍රසාදයෙන්.

‘මෙක නිකං පරණ කොම්පැණියක අයිඩින්ටියක් වගේ’

එතනට ආපු ඩොනල්ඩ් ජයන්ත කිව්වේ ඉන්දියාවේදී වෙච්ච රසවත් සිද්ධියක්. එක්තරා චිත්‍රපටයක කටයුත්තකදී ඩොනල්ඩ්ට ඉන්දියානු චිත්‍රපට ශිල්පීන් කිහිප පොළක් මුණ ගැහුණලු. එතනදි ඩොනල්ඩ් අපේ චිත්‍රපට සංස්ථාවේ හැඳුනුම්පත පෙන්නුවම ඒ අය හොඳටම හිනා වුණාලු.

මේ කරළියට ආපු හැමෝම ඩොනල්ඩ් ගේ කතාන්දරය අනුමත කළා. ඔවුන්ගේ ඉල්ලීම මේකයි. හැඳුනුම්පත හදන්න යන මුදල එකතු කරලා ඔවුන්ට ඕනෑ තැනක පෙන්නන්නට පුළුවන් හැඳුනුම්පතක් ලබා දෙන්න කියන එකයි. ඇත්තටම ඒක අතිශය වැදගත්. ඒ හැඳුනුම්පත දැක්කම අපට හිතුණෙ එච්චරයි. මේ කටයුත්ත වෙනුවෙන් බලධාරීන්ගේ අවධානය යොමුවේ යයි කියලා අප හිතනවා.