වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -111

සිංහල සිනමා විස්තරය -111

සක්විති සුවය

තිරගත වූ දිනය – 1982 මාර්තු 05
ඉදිරිපත් කිරීම - සක්විති ෆිල්ම්ස්
නිෂ්පාදනය - කෙහෙළිය රඹුක්වැල්ල
අධ්‍යක්ෂණය – ගාමිණී ෆොන්සේකා
කතාව, දෙබස් සහ තිර රචනය - දයා රාජපක්ෂ
සහාය අධ්‍යක්ෂණය - ෂෙල්ටන් කැකුණවෙල
කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්
කැමරා සහාය – එම්. ආර්. විජයතුංග, පී. ඒ. ජී. පෙරේරා
සංස්කරණය – බර්නාඩ් රෙජිනෝල්ඩ් - සහාය – චන්ද්‍රසේන රූබසිංහ
අංග රචනය - ශේෂා පලිහක්කාර
කලා අධ්‍යක්ෂණය – එරල් කෙලී, දයා රාජපක්ෂ
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම් (විජය චිත්‍රාගාරය), ජෝර්ජ් මනතුංග (රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය) ඩොනල්ඩ් අයිවන් (බිසොප් පැලස්)
ශබ්ද සහාය - සිරිලාල් වීරසිංහ, ආනන්ද අමරසිංහ, ඇලෝසියස් රුද්‍රිගු, සුන්දර රාජා
රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු - සහාය – වී. සිවදාසන්
විදුලිය සහාය - ජෝර්ජ් ඇන්ටනි සිල්වා, ජේ. එම්. ඒ. ෆ්‍රැන්සිස්, ඩබ්. ඇල්බට්, ඔස්ටින් මොරායස්
නිෂ්පාදන අධිකාරි – විල්ප්‍රඩ් ද සිල්වා
නිෂ්පාදන උපදේශක - සුනිල් ආරියරත්න
සංගීත අධ්‍යක්ෂණය - සරත් දසනායක

ගීත -
ඉහළින් යන්නෝ - එම්. එස්. ප්‍රනාන්දු, නිහාල් නෙල්සන්, එච්. ආර්. ජෝතිපාල – පද රචනය – නිශ්ශංක ජිනදාස පෙරේරා
ප්‍රේමවන්තයින්ගේ – ලතා වල්පොල, ටී. එම්. ජයරත්න – පද රචනය - සුනිල් ආරියරත්න

නළු නිළියන් -
ගාමිණී ෆොන්සේකා, විජය කුමාරණතුංග, අමරසිරි කලංසූරිය, සබීතා පෙරේරා, අනුෂ්කා මැදිවක, රුක්මණී දේවි, සොමී රත්නායක, සෝමසිරි දෙහිපිටිය, සේනක පෙරේරා, ජෙනිටා සමරවීර, මැණික් කුරුකුලසූරිය, ශාන්ති ලේඛා, විමල් කුමාර් ද කොස්තා, ධර්ම ශ්‍රී මුණසිංහ, ශේෂා පලිහක්කාර, තලතා ගුණසේකර, මර්වින් ජයතුංග, සිසිර කුමාරතුංග, ෂෙල්ටන් කැකුණවෙල, ගීතාල් පෙරේරා, විල්සන් කරුණාරත්න, බන්දු මුණසිංහ, මහේන්ද්‍ර පෙරේරා, රාජා, සෙල්වා

ආරම්භක සිනමා ශාලා - ලිඩෝ, සෙයින්ස්තාන්, විජිත - රත්මලාන, කුවින්ලන් – නුගේගොඩ, අප්සරා - හෝමාගම, ප්‍රින්ස් - ගාල්ල, රීගල් - මීගමුව, රීගල් - අම්පාර, පබ්ලික්හෝල් - ගම්පහ, ජුපිටර් – කුරුණෑගල, නිව් ඉම්පීරියල් - රත්නපුර, පර්ල් - හලාවත, ජයන්ති - පොළොන්නරුව

යස ඉසුරු

තිරගත වූ දිනය – 1982 මාර්තුª 05
ඉදිරිපත් කිරීම - සිංහ චිත්‍රපට
නිෂ්පාදනය - නොයෙල් එදිරිසිංහ
කතාව - දෙබස් - තිර නාටකය සහ අධ්‍යක්ෂණය – ධර්මසිරි ගමගේ
සහාය අධ්‍යක්ෂණය – අයි. එන්. හේවාවසම්, ඇන්. ඇම්. ජයතිලක
කැමරා අධ්‍යක්ෂණය – කේ. ඩී. දයානන්ද, ජී. නන්දසේන, නිසාර්
සංස්කරණය – ග්ලැඩ්වින් ප්‍රනාන්දු - සහාය - උපාලි අමරතුංග
අංග රචනය – ඊබට් විජේසිංහ - සහාය - රොකි නුගේරා
කලා අධ්‍යක්ෂණය – ලාල් හරින්ද්‍රනාත් - සහාය - සම්පත් තෙන්නකෝන්
නැටුම් අධ්‍යක්ෂණය - සීතා ගමගේ
ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්
රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ්
(සම්බන්ධීකරණය – ඩිල් ෆිල්ම්ස් ඉන්ටර් නැෂනල්)
සැකසුම – ලංකා චිත්‍රාගාරය
කැමරා උපකරණ හා සංස්කරණ මැදිරිය -
සේන සමරසිංහ චිත්‍රපට ඒකකය
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නිෂ්පාදන කළමනාකරු - චන්ද්‍රසේන ජයලත්
ගීත පටිගත කිරීම – මර්වින් බෙන්ස් - නෙළු ශබ්දාගාරය
කරාටේ ජවනිකා - ඇම්. බී. ද සිල්වා, මිහිර ද සිල්වා
කාන්තා කරාටේ ජවනිකා - දයා සමරවීර
උසාවි ජවනිකා සැලසුම්කරණය - නෝර්ටන් වීරසිංහ
සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත -
අම්මාවරුනේ සම්මා සම්බුදු – නන්දා මාලිනී - පද - ධර්මසිරි ගමගේ
පායා ආවා - ටී. එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ – පද – අජන්තා රණසිංහ

නළු නිළියන් – විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, අමරසිරි කලංසූරිය, ගෝතමී පතිරාජ, විජය නන්දසිරි, මියුරි සමරසිංහ, දොන් සිරිසේන, පියරත්න එම්. සෙනරත්, ඩී. වී. සෙනෙවිරත්න, ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා, හේමචන්ද්‍ර සේනාරත්න, ඇන්. අම්බලවානර්, රාජා වීරතුංග
උසාවි දර්ශන ජවනිකා රඟපෑම් – පී. බී. හේරත්, උපාලි අල්මේදා, රමණි පෙරේරා, ප්‍රියා වීරහංස, නෙවිල් ද සිල්වා, ඇනා අල්මේදා, ටෙරන්ස් බී. සිල්වා, ටී. ජී. කේ. චන්ද්‍රසිරි, ජේ. වයි. ද සිල්වා, ඇස්. කේ. පී. බඹරැන්ද, කේ. සිරිසේන, පී. වනිගසේකර, ඇන්. සිවපතිරණ, ඩබ්ලිව්. පරණවිතාන, ඩබ්ලිව්. ඩී. නවරත්න
ආරම්භක සිනමා ශාලා - මැජෙස්ටික්, එල්ෆින්ස්ටන්, ට්‍රියෝ - දෙහිවල, ඉම්පාලා - රාජගිරිය, ගැමුණු - වත්තල, නැෂනල් - මහරගම, වේල්ස් - මහනුවර, සරසවි – ගාල්ල, බ්‍රෝඩ්වේ – මාතර, ජෝති – රත්නපුරය, සිත්තම්පලම් – අනුරාධපුරය, නිව් මිනර්වා - කළුතර, ටවර් – මොරටුව, සාගර – හලාවත

බයිසිකලේ

තිරගත වූ දිනය – 1982 මාර්තු 12
ඉදිරිපත් කිරීම – ආර්. කේ. ෆිල්ම්ස්
නිෂ්පාදනය - රෙක්ස් කොඩිප්පිලි, මයිකල් බී. පෙරේරා
අධ්‍යක්ෂණය සහ කැමරා අධ්‍යක්ෂණය – ඩැනී ඩබ්ලිව්. පතිරණ
කතාව - රෙක්ස් කොඩිප්පිලි
දෙබස් සහ තිර රචනය – එම්. එච්. ජී. ප්‍රනාන්දු
සහාය අධ්‍යක්ෂණය – කුමාරදාස වාගිස්ට
සංස්කරණය - ස්ටැන්ලි ද අල්විස්
අංග රචනය – රංජිත් මතඟවීර, රෙජී සිල්වා, ජේ. සෙල්වරාජා
කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා, හේමචන්ද්‍ර පෙරේරා
සටන් අධ්‍යක්ෂණය - රෙක්ස් කොඩිප්පිලි
නැටුම් අධ්‍යක්ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු
ශබ්ද පරිපාලනය - කේ. බාලසුබ්‍රමනියම්
රසායනාගාර පාලක – වී. සිවදාසන්
සැකසුම – විජය චිත්‍රාගාරය
නිෂ්පාදන කළමනාකරණය - ප්‍රසන්න කොඩිප්පිලි
කැමරා සහාය – ජී. නන්දසේන, ඇස්. ඇම්. ඇඩ්වින්
ඇඳුම් නිර්මාණය - සිල්වියා පෙරේරා
ධාවන කාලය – පැය 1 විනාඩි 45 – දිග අඩි 10000
ගීත පටිගත කිරීම – මර්වින් රුද්‍රිගෝ - මාස්ටර් ශබ්දාගාරය
නිශ්චල ඡායාරූප - සී. විල්බට් ප්‍රනාන්දු
සංගීත අධ්‍යක්ෂණය - ස්ටැන්ලි පීරිස්
ගීත ප්‍රබන්ධය – එච්. එම්. ආර්. ප්‍රනාන්දු, බණ්ඩාර කේ. විජයතුංග

ගීත -
තරු යායේ ඈතින් ඈතට - ග්‍රේෂන් ආනන්ද – පද රචනය – බණ්ඩාර කේ. විජේතුංග
සද්දෙයි දුමයි වගේ- ක්ලෝඩ් ප්‍රනාන්දු, ඇන්ටන් ජෝන්ස්, නලින් රණසිංහ – පද රචනය – එච්. එම්. ආර්. ප්‍රනාන්දු

නළු නිළියන් – විජය කුමාරණතුංග (අජිත්), රෙක්ස් කොඩිප්පිලි (කළු මහත්තයා), ජෙනිටා සමරවීර (බීටා), බී. ඇස්. පෙරේරා (ලංසි තාත්තා), රෝහිණී ජයකොඩි (ලංසි අම්මා), විමල් කුමාර් ද කොස්තා (සෑම්), නිහාල් සිල්වා (බට්ටා), අජිත් ජිනදාස (මැල්කම්), විල්සන් කරුණාරත්න, ඉන්ද්‍රාණි අබේවර්ධන, සරණපාල සූරියආරච්චි, ටිරෝන් මයිකල්, ටෙඩී විද්‍යාලංකාර, වසන්ත ජයකොඩි, සාවිත්‍රි යස්මින්, රොසින්ටන් රේනර්,පර්ල් වාසුදේවි

ආරම්භක සිනමා ශාලා - නිව් ඔලිම්පියා - මරදාන, පත්මා - රත්මලාන, නිල්මිණි – වත්තල, නන්දා - කොස්වත්ත, චාන්දනී – වැලිගම, ජීවනී – අලව්ව, ෂැම්රොක් - වෙන්නප්පුව, සෙන්ට්‍රල් - මාතලේ, මිලානෝ - කෑගල්ල, සිනෙක්ස්පෝ - කුරුණෑගල, මොඩර්න් – බදුල්ල, මින්නේරි – හිඟුරක්ගොඩ, එත්විල් - බණ්ඩාරවෙල, නිව් විශාඛා - ඇඹිලිපිටිය, විජේන්ද්‍ර – අනුරාධපුරය

අධිෂ්ඨාන

තිරගත වූ දිනය – 1982 මාර්තු 19
ඉදිරිපත් කිරීම - සිනේ සංකේත
නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය - දෙබස් - සතිස්චන්ද්‍ර එදිරිසිංහ
කතා තේමාව - යාපා සෝමවර්ධන
කතාව සහ තිර රචනය – දයා ආනන්ද රණසිංහ
කැමරා අධ්‍යක්ෂණය – චන්ද්‍රලාල් මනමේන්ද්‍ර - සහාය - සෝමරත්න ඉඹුලේගම
සහාය අධ්‍යක්ෂණය - ජෝ ලිවේරා, සරත් සාරංග පෙරේරා
සංස්කරණය - ජයතිස්ස දිල්ලිමුණි - සහාය - හැරිස් නන්දසිරි
අංග රචනය - ඩෙරික් ප්‍රනාන්දු - සහාය – නිමල් රාජපක්ෂ
කලා අධ්‍යක්ෂණය – බන්දුල ඇල්පිටිආරච්චි - සහාය - කේ. ඒ. පියකරු
ශබ්ද පරිපාලනය – කේ. පී. කේ බාලසිංහම්
ශබ්ද සහාය – ඒ. අයි. අමරසේකර, පී. සුන්දරාජා, ඒ. රුද්‍රිගූ, ජී. ඇන්ටනි
රසායනාගාර කටයුතු - එස්. තිරුනාවුකරසු, වී. සිවදාසන්
රසායනාගාර සහාය - කේ. ආර්. ජයරත්න, එන්. යෝගරාජා, පී. රේමන්
කාර්මික සහාය – දයානන්ද සිල්වා, නිමල් බන්දුසේන, සරත් හේවාරත්ගම, නිමල් මෙත්තානන්ද, බෙනඩික් ද සිල්වා
සැකසුම – විජය චිත්‍රාගාරය, රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය
කාර්මික සේවා - සුමිත් එන්ටර්ප්‍රයිසස්, දිසානායක චිත්‍රපට, සිංහගිරි චිත්‍රපට
විදුලි කාර්මික – නිමල් බන්දුසේන
දළ සේයා පට සැකසුම - ඩෙන්සිල් ජයවීර
ප්‍රචාරක කළමනාකරු - සරච්චන්ද්‍ර සමරක්කොඩි
ධාවන කාලය – පැය 2 විනාඩි 15 – දිග අඩි 12150
නාමාවලිය – ඒ. ඩී. රංජිත් කුමාර
නිෂ්පාදන කළමනාකරණය - පර්සිවෙල් පෙරේරා, මනුජය සමන්සිරි පෙරේරා, එච්. ඒ. පොඩි මහත්තයා, රාජා සුමනපාල
නිෂ්පාදන කෘත්‍යාධිකාරී – පී. බී. කාරියප්පෙරුම
සංගීත අධ්‍යක්ෂණය හා ගී තනු නිර්මාන – වී. හේමපාල
සංගීතය මෙහෙයවීම – මර්වින් පෙරේරා
නිශ්චල ඡායාරූප – බී. පියසේන

ගීත -
නොනිමි පැතුම් නිමි හිම් සොයනා - සුනිල් එදිරිසිංහ – ගී පද - රෝහණ වෙත්තසිංහ
මායා මිරිගුව පිරුණු ලෝ තලේ - සුනිල් එදිරිසිංහ – ගී පද – තලංගම ජයසිංහ

නළු නිළියන්-
ජේ. එච්. ජයවර්ධන (ලොකු හාමදුරුවෝ) , සුගත් සමරකෝන්(පොඩි හාමුදුරුවෝ), නවනන්දන විජේසිංහ (ඇබිත්තයා), ලොයිඩ් වාකිස්ඨ (තාත්තා), රත්නා සුමනපාල (ආච්චි), නදීකා ගුණසේකර (මංගලිකා), රින්ස්ලි වීරරත්න (පොඩ්ඩේ), විමල් කරුණාරත්න, නෙළුම් කළුබෝවිල, දර්ශන පනංගල, විද්‍යා ද සේරම්, කසුන් මධුරසිංහ, උදාර අසංග එදිරිසිංහ, විමල් කුමාර් ද කොස්තා, රත්මලී ගුණසේකර, මියුරි සමරසිංහ, දෙනවක හාමිනේ, තිස්ස උඩංගමුව, රංජිත් දයානන්ද, වේහැල්ලේ පියතිලක, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, ධර්මරංසි අමරසිංහ, බන්දුල සිල්වා, කේ. ඒ්. පියකරු, රාජා සුමනපාල, හේරත් එච්. සෙනෙවිරත්න, වසන්ති ඥනසේකර, ඇන්ටන් වර්ණකුල

ආරම්භක සිනමා ශාලා - රීගල් - කොටුව, ක්‍රවුන් – මරදාන, මානෙල් - දෙමට ගොඩ, නිව් මෙට්රෝ - නුගේගොඩ, ඕඩියන් – ගල්කිස්ස, හිමාලි - කිරිබත්ගොඩ, ජයමිණි – පානදුර, කිංස් - මීගමුව, එමෙස් – මොරටුව, ඡායා - කෑගල්ල, චන්ද්‍රා - අවිස්සාවේල්ල, රීගල් - අම්බලන්ගොඩ , වෙම්බ්ලි - මහනුවර, නිව් ඉම්පීරියල් - කුරුණෑගල, නිව් සිනමා - මාතර