වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




වනචාරී යුගයේ සිට නවීන යුගයට පැමිණි ලෝකේ පළමු පවුල ද කෲඩ්ස්

වනචාරී යුගයේ සිට නවීන යුගයට පැමිණි ලෝකේ පළමු පවුල ද කෲඩ්ස්

ද කෲඩ්ස් චිත්‍රපටය 3G ඇනිමේෂන් චිත්‍රපටයක් වන අතර වික්‍රමාන්විත (Adventure) මනඞකල්පිත (Fantacy) හාස්‍යජනක (Comedy) චිත්‍රපටයකි. වයස් භේදයකින් තොරව සියලුම දෙනාට එක සේ රස විඳිය හැකි මෙම චිත්‍රපටය මේ වන විට ලෝකය පුරා සිනමාහල් රැසක ඉතා සාර්ථකව තිරගත වේ.

ආදී මානවයාගේ වත්මන් සංක්‍රමණය දක්වා වූ ගමන් මඟ ඉතා කෙටි කාලයකින් වුවක් නොව සියවස් දසදහස් ගණනක් තිස්සේ සිදුවූවකි. ආදී මානවයන් කෙබඳු අය ද? ඔවුන් සිතුවේ කෙළෙසද? ඔවුන් අභියෝග හමුවේ ක්‍රියා කළේ කෙසේ ද? යන්න අප තුළ ඇත්තේ කුතුහලයකි. මේ නිසාම විවිධ හැඩතලවලින් ආදී මානවයන් පිළිබඳව රසවත් චිත්‍රපට රාශියක් ලෝකය පුරා නිෂ්පාදනය විය. ඒ අතර ද කෲඩ්ස් චිත්‍රපටය ලෝක වාසී සිනමා ප්‍රේක්ෂකයන් රැසකගේ අවධානයට ලක් වූයේ එහි ඇති ආකර්ශනය නිසාම ය.

හෝමෝ සාපියන් නියැන්ඩතාල් මානවයාගේ හැසිරීම් පාදක කොට ගනිමින් ඔවුන් අව්ව, වැස්ස, සුළඟ, විදුලිය වැනි ස්වභාවික සිදුවීම්වල දී ක්‍රියා කළ ආකාරය මෙම චිත්‍රපටයේ දී හාස්‍ය රසය ජනිත කරවමින් ප්‍රේක්ෂකයා මනඞකල්පිත ලෝකයක රැඳවීමට දරා ඇති උත්සාහය ඉතාමත් සාර්ථක බැව් හැඟේ. ස්වභාවික අනතුරුවලට මුහුණ දෙමින් තම ජීවිත බේරා ගැනීමේ අවධානමකට මුහුණදීමට සිදු වූ එක් ශක්තිමත් පුද්ගලයකු ගුහාවක් සොයා ගනිමින් තමන්ගේ පවුල ස්වභාවික විපත්වලින් ආරක්ෂා කරගෙන එහි වාසය කරයි.

මෙහිදී ඔහු තම පවුලේ සාමාජිකයන්ට අත්‍යඅවශ්‍ය දේට හැර වෙන කිසිම දේකට ගුහාවෙන් පිටතට යාමට නොදෙයි. එමෙන්ම ඔවුන් නවීන දේ ඉතා භයානකය යන්න තරයේ විශ්වාස කරන්නෝ වෙති. මේ නිසාම අලුත් දේවල් පිළිබඳ දැඩි බියක් දක්වයි. කෙසේ වුවද මෙම පවුලේ දඟකාර දැරියක් වන ඊප්ට මේ ගතකරන ජීවිතේ ගැන කිසිම සතුටක් නැත.

ඇයට අවශ්‍ය වන්නේ මේ ගුහාවෙන් පිටත ලෝකය දැකීමට හා එහි ජීවත්වීමටයි. එහෙත් පියාගෙන් නම් ඇයට ඒ සඳහා අවසර නොලැබේ. පියාගේ නීති රීති නොතකා ඊප් විවිධ අවස්ථාවලදී ගුහාවෙන් පිටතට යන්නීය. ඒ සෑම අවස්ථාවකදීම ඇයට විවිධ කරදරවලට මුහුණදීමට සිදුවන අතර ඇගේ පියාගේ උදවු පැතීමට සිදුවේ. එක් රාත්‍රියක දී ගුහාවට පිටතින් දකින එළියක් ඔස්සේ ඊප් සියලු දෙනාටම හොරෙන් ඇවිද යන අතර ඇය පළමු වතාවට දුටු එළිය පිළිබඳව විමතියට පත්වේ.

මෙහිදී ඇයට ගයි නැමති තරුණයකු මුණගැසෙන අතර ගින්දර පිළිබඳව ඇයට විස්තර කරයි. ගයි නිතරම අලුතින් සිතන කෙනෙක් නිසාම ඊප්ගේ ආකර්ශනය දිනා ගැනීමට හැකිවේ. මෙහි දී ගයි පවසන්නේ ලෝක විනාශයක් ළඟදීම සිදුවන බවත් එයින් බේරීමට තමා සමඟ එන ලෙසත් ය. එහෙත් ඊප් එය ප්‍රතික්ෂේප කරමින් ගයි විසින් හදිසි කරදර අවස්ථාවක දී ඔහුගේ සහය අවශ්‍ය වූ විට ඔහුට කතා කිරීම සඳහා ලබා දුන් බෙල්ලා ද රැගෙන තම ගුහාව වෙත යයි. මෙම අලුත් උපකරණය පිළිබඳ බියට පත්වන පවුලේ සාමාජිකයන් එය කඩා දමති. එයින් ගුහා ජීවිතය පිළිබඳ ඊප් තවත් කලකිරෙයි. මේ අතර විශාල කුණාටුවකින් ඔවුන් වාසය කළ ගුහාව විනාශ වන අතර ඔවුන්ට ජීවිත බේරා ගැනීමට එයින් පිටතට යාමට සිදු වේ. එහිදී විවිධ විපත් රැසකට මුහුණදීමට සිදුවන අතර එයින් බේරීමට ඔවුන්ට ගයිගේ උදවු පැතීමට ද සිදුවේ. මෙහිදී ගයි පවුලේ සියලු දෙනා අතර ජනපි‍්‍රයම චරිතය බවට පත්වේ. පියා මේ නිසාම ඔහුට වැඩි කැමැත්තක් නොදක්වයි. කෙසේ වුවද ලෝක විනාශයට මුහුණදීමට ඔවුන් සියලු දෙනාට එකමුතුව අලුතින් සිතීමට සිදුවේ. ලෝක විනාශයෙන් පසුව සියලු දෙනා එක්ව අලුත් ජීවිත අලුතින් ආරම්භ කරති.

ඉතාම සිත් ඇදගන්නා සුදු කතාවකින් යුක්ත ද කෲඩ්ස් චිත්‍රපටය තිර රචකයකු, නිෂ්පාදකයකු මෙන්ම අධ්‍යක්ෂවරයකු වන Kirk Demiccof සහ සම්භාවනීය අධ්‍යක්ෂවරයකු වන Chris Sanders සම අධ්‍යක්ෂණයකි. ඩ්‍රීම් වර්ක් ඇනිමේෂන් ස්ටුඩියෝහි නිෂ්පාදනය වූ ද කෲඩ්ස් 20th Century Fox  බෙදාහැරීමක් වන අතර විනාඩි 98 ක් පුරා දිවෙන මෙම සුන්දර කතා පුවත 2013 වර්ෂයේදී බෙදාහරින ලද හය වන ඇනිමේෂන් චිත්‍රපටයයි. ද කෲඩ්ස් චිත්‍රපටයේ හඬ කැවීමෙන් දායක වන්නේ Nicolas Cage – Grug Crood ලෙස ද Emma Stone - Eepලෙසින් ද Ryan Reynold-Guy   ලෙසින් හා තවත් අනු චරිත රැසකට ප්‍රවීණ සම්මාන ලාභීන් රැසක් පණ පොවති.

ඇමරිකන් ඩොලර් මිලියන 135 ක වියදමක් නිෂ්පාදනයේදී දරා ඇති අතර ද කෲඩ්ස් චිත්‍රපටය පළමු සති අන්තයේදීම ඇමරිකන් ඩොලර් මිලියන 447 ක ආදායමක් ඇමරිකාවේ සහ කැනඩාවේ සිනමා ශාලාවලින් උපයා බොක්ස් ඔෆීස් වාර්තාවක් ද තබා ඇත. මේ වනවිට හොඳම ඇනිමේෂන් චිත්‍රපට අතර පිළිවෙළින් අයිස් ඒජ් 4, කුන්ෆු ෆැන්ඩා 2, මැඩගස්කාර 3 ට්ත්‍රපට 1, 2 සහ තුන යන ස්ථාන හිමිකරගෙන සිටින අතර ද කෲඩ්ස් චිත්‍රපයට සිවුවන ස්ථානය ලැබී තිබේ. ඇනිමේෂන් චිත්‍රපට නැරඹීමට වඩාත් උනන්දුවක් දක්වන පේ‍්‍රක්ෂකයන් හට මෙම චිත්‍රපටය මේ දිනවලදී නැරඹිය හැකි අතර වයස් භේදයකින් තොරව වික්‍රමාන්විත, හාස්‍යජනක චිත්‍රපටයක ඉහළ ආස්වාදයක් ලැබිය හැකි වේ.