වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රතිචාර

දිමුතු මුතු, යශෝරාවය නැවත ඕනෑ

ප්‍රේක්ෂකයන්අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වූ ටෙලි නාට්‍ය යුවළක් වන යශෝරාවය සහ දිමුතුª මුතු යළිත් විකාශය කරන්න. ඒවා නරඹන්න අපි හරිම කැමැත්තෙන් ඉන්නවා. ජාතික නාළිකාව ඔස්සේ එම ටෙලි නාට්‍යයන් යළිත් වරක් නරඹන්න තියනවා නම් සතුටක්.

පාලක සමන් පෙරේරා

හැඳල, අල්විස් ටවුම පාර

ග්‍රේෂන් තරුවකි

රජ දරුවෝ, බයිසිකලය, මමයි රජා, නැවත හමු වෙමු වැනි චිත්‍රපටවල ගී ගැයූ ග්‍රේෂන් ආනන්ද නම් අසහාය ගායකයාණෙනි, හැමදාමත් ඔබයි අපේ ජනප්‍රියම තරුව.

දයාරත්න

දිවුලපිටිය

විල්සන් ගුණරත්න වෙතටයි,

ඔබව අප වඩාත් හඳුන ගත්තේ සත්පුර වැසියෝ ටෙලි සිතුවමේ පප්පාගේ චරිතයෙනි. යුගයේ ඉහළ පැරැණි පැළැන්තියේ පියාගේ ඛේදවාචකය ඒ තුළින් ඔබ තාත්ත්විකව විවරණය කළ අන්දම විශිෂ්ටය. එමෙන්ම චරිත අටක් වේදිකාවට ගෙන ඒම ගැන ප්‍රශංසා කරමි. කලාවට ඔබ කරනා මෙහෙවර ද අගෙයි.

කපිල ජයවිලාල් හේරත්

සිල්වඩේල් වත්ත

පහළ කළුගමුව

කුලියාපිටිය

අයිවෝ ඩෙනිස් ඔබ අගෙයි

සුනිල් ශාන්ත යනු මෙරට සංගීතයට ඉමහත් සේවයක් ඉටු කළ කිසිම විටෙක මිල මුදලට වහල් නොවුණ අගනා මිනිස්කමින් පරිපූර්ණ වූ මිනිසෙකි. එවැනි අයකුගේ උතුම් ගෝල රත්නය වන අයිවෝ ඩෙනිස් සිය ගුරුවරයගේ හඬ පිහිටා තිබුණත් එදා මෙදාතුර කිසිදු විටක සුනිල් ශාන්තයන්ගේ අමරණීය ගීත ගයා බඩ වඩා ගත්තේ නැත. ඔහු සැමට මහත් ආදර්ශයකි.

විටෙක අයිවෝ මෙසේ කීවේය. ‘සුනිල් ශාන්තයන්ගේ ගී ඔහුගේ හඬින්ම සංරක්ෂණය වෙලා තියනවා. ඒ හින්දා මම ගයන්න ඕනේ නැහැ’

කොතරම් අගනා කියමනක් ද ඒක? ඔහුට අපගේ ප්‍රණාමය.

ලක්ෂ්මන් රණසිංහ, අයිරාංගනී, දයානි, තාරුකා, හිරුණිකා, සසී, සඳරුවන් සංජය, සවිඳු, තරංග

වත්තල, හේකිත්ත

ආත්මාගේ ඒක පුද්ගල ප්‍රසංගයක් ඕනෑ

ලියතඹරා, එපා කඳුළැල් සලා, කඳු පාමුල සිට ආදීීී ඉතා මිහිරි ගී රැසකින් අනූව දශකයේදී අප තෘප්තියට පත් කළ ඔහු ලියතඹරා, මල් සුවඳ වැනි කැසට් පට දෙකකින් තවත් සමීප වූ ආත්මා ලියනගේ නම් සොඳුරු ගායන ශිල්පියාය.

පසුගිය කාලයේ විවිධ අසනීපයන්ට ගොදුරු වුව ද පින් මහිමයෙන් නැවත් ගී ගයන්නට පිවිසියේය. ඔහු යළි ඉපදීමක් ලබා ඇත. ඒ පෙනෙනෙ නොපෙනෙන සහ සිත දුර හන්දා යන ගීත සමඟිනි. මේ දිනවල අතිශයින්ම ජනප්‍රිය එම ගීත බාල මහලු කාගේත් මුවඟ රැව්දේ. ආත්මා ලියනගේ කලාකරුවාණෙනි දැන් වන් මෑන් ෂෝ එකක් කරන්නට සුදුසු කාලයයි මේ.

අජිත් ලක්මාල්

මීගමුව

සුනිල් ටී. ට ප්‍රණාම

සිනමා කර්මාන්තය කඩා වැටී ඇති අවධියක නොබියව චිත්‍රපට රාශියක් නිෂ්පාදනය කරමින් සිටින සුනිල් ටී. ප්‍රනාන්දුට මාගේ උත්තමාචාරය. ඔහුගේ නවතම චිත්‍රපට නිෂ්පාදනයන් වන රන්ජා සහ සිනහව අතරින් සිනමාවේ පෙරළියක් කරන්නට හැකියාව ලැබේවා.

චන්දන වන්නිආරච්චි

දෙහිඅත්තකණ්ඩිය

ප්‍ර ති චා ර ක්ෂණිකව 0752805047 අංකයට.
නැතිනම් ලියන්න මේ ලිපිනයට,
ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.

මේ SMS ප්‍රතිචාර තීරයයි

ආත්මා ලියනගේ ගේ හිත දුර හින්දා ගීතය වගේම ආයෙමත් ආදරයෙන් යන ගීතය වර්තමානයේ මං විඳපු සංවේදීම ගීත යුවළයි.

බර්හම්

වත්තල

රොෂාන් රණවන ගී ගයමින් රඟන චිත්‍රපටයක් දකින්න ආසයි.

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

ස්වර්ණවාහිනී නාලිකාවෙන් ඉදිරිපත් වන රට වෙනුවෙන් වැඩසටහන ගොඩක් හොඳයි, කාලෝචිතයි.

චන්දන

අශෝකා වත්සලා

අම්බලන්තොට

සිහින සිත්තරාවි ටෙලි නාට්‍යහි නෙතලි නානායක්කාරගේ රංගනය හොඳ මට්ටමක තියනවා.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

මාලිනී ෆොන්සේකා වෙත,

හැමදාමත් ඔබයි අපේ නිළි රැජන.

අචිනි විලෝකා

හොරණ

කාලයකට පසු හොඳ නාට්‍යයක් පුංචි තිරයට ඇවිත් තිබෙනවා. ඒක තමයි අළු බඳුන. එහි සාරංග මැනැවින් තම චරිතය තේරුම් ගෙන රඟපානවා.

පී. එන්. ඒ. නිලූකා

කුඩාගම

අවිස්සාවේල්ල

තරුමලී නාට්‍යයේ තරුමලී හැටියට රඟන විනු උදානිගේ රංගනය ඉස්සරට වඩා දැන් තාත්ත්විකයි.

සපුමල්

කළුතර

සරසවිය තුළින් ගෙන එන පැරැණි චිත්‍රපට නාමාවලිය පොතක් ලෙසින් එළිදක්වන ලෙස එය සකස් කරන ඇන්ටන් ජේ. ප්‍රනාන්දුගෙන් ඉල්ලා සිටිමි.

සපුමල් සේනාරත්න

වාද්දුව

නෙහාරා පීරිස් ගොඩක් කලෙකින් අයි. ටී. එන්. නාළිකාවේ නාට්‍යයක රඟපෑවේ නැහැ. ඔබව අපි මුලින්ම දැක්කේ එම නාළිකාවෙන්. ඉන් ඔයා ගොඩක් ජනප්‍රිය වුණා.

මල්ශානි

නිවිතිගල

චිත්‍රා සෝමපාල සහ පී. එල්. ඒ. සෝමපාලයන්ගේ ජනප්‍රිය ගීත ඇතුළත් සංයුක්ත තැටියක් කවුරුන් හෝ නිෂ්පාදකවරයකු මේ දිනවල වෙළඳ පොළට දානවා නම් හොඳයි.

මොනිකා කුමාරි දිසානායක

වෙන්නප්පුව

රොජර් සෙනෙවිරත්න සොඳුරු කලාකරුවෙකි. විටෙක ඔහු ක්ෂේත්‍රයේ අයට දයාබර සොහොයුරෙක් වැනිය. ඔහුගේ කලා ජීවිතයට මම සුබ පතමි.

පුෂ්පා ලක්ෂ්මී

සරසවිගම

ජීවිතය නමැති විශ්ව විද්‍යාලයෙන් ලබා ගත් අත්දැකීම් නම් දැනුමෙන් ලාංකේය ගීතයේ සිංහල ලකුණ සොයා ගිය සංගීත දැනුමෙන් පරපුරක් පෝෂණය කළ අපේ කාලයේ සංගීත සංචාරකයානෝ, ආචාර්ය වික්ටර් රත්නායක සංගීත ඇදුරුතුමෙනි, ඔබට දීර්ඝායු අත්වේවා.

චතුරංග සම්පත්

තුන්නැන

ඕෂධී අක්කේ, ඔයයි ඔබගේ පුංචි පුතයි ඉන්න සේයාරුවක් දැක්කා. ඒක ගොඩක් ලස්සනයි. ඔබ හරිම නිහතමානීයි. කොතනක දැක්කත් හොඳින් කතා කරනවා. ඒ වගේම ඔබේ අහිංසකකම හැමදාමත් තියාගන්න.

රේනු

රඹුක්කන

මාලිනියගේ රංගන ජීවිතයට සුබ පතමි.

රෝයි රාජ්

ඉතාලියේ සිට

මාධව විජේසිංහට,

තූර්යා නාට්‍යයේ ඔබේ රංගනය මරේ මරු.

සෙව්වන්දි

වලස්මුල්ල

කේෂාන් ශෂින්දු තවමත් අප දැක ඇත්තේ එක ටෙලි නාට්‍යයකින් පමණයි. ඉන් ඔහු උපරිම දක්ෂතාවය පෙන්නුවා. ඒ වගේම ඔහුගේ නවතම ගීතය ‘සුකුරුත්තන්’ ඉතාම රසවත්.

පවිත්‍රා

බෙලිඅත්ත

භාග්‍යා ගුරුසිංහ තමයි ලංකාවේ ඉන්න ලස්සනම නිළිය.

රශ්මික

මීගමුව

හෙළ සිනමාවේ සිටින භයානකම සටන් නළුවා විල්සන් කරුණාරත්න හැර වෙන කවුද.

නාමල්

අකුරැස්ස

මීට වසර කිහිපයකට පෙර අප අතරින් වියෝ වූ ගායක මර්වින් මිහිඳුකුලගේ ගීත අර්ථාන්විතය. ඔහුගේ පුතනුවන් රූපවාහිනී වැඩ සටහනකට පැමිණ ගී ගැයුවා අපි දුටුවෙමු. මම ඔහුගේ පුතනුවන්ගෙන් ඉල්ලීමක් කරමි. ඒ වර්තමානයේ ගීත මංකොල්ලකරුවන්ට තාත්තාගේ ගීත පැහැර ගැනීමට ඉඩ දෙන්න එපා. ඒවා ඔබම ආරක්ෂා කරගන්න.

ඩබ්ලිව්. දමයන්ති කුමාරි

හොරණ

ලංකාවේ බයිලා කලාව වෙනමම මඟකට ගෙන ගිය අප රට බයිලා චක්‍රවර්ති ලෙස විරුදාවලිය ලත් එම්. එස්. ඔබ සදා අමරණීයයි.

සරත් මද්දුමආරච්චි

වෑත්තෑව