වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවියේ ‘කුසුමලතා’ට ජනපති මැදුරෙන් ආරාධනාවක්

ගෙදර ගෝරි

දාමිනී වැන්නියන් තිරයේ වීරවරියන් වෙද්දී ඒ වීර චරිතවලට පණදෙන තාරකාවන්ට තිරයෙන් පිටුපසදී බැට වදින අවස්ථා ඕනෑ තරම්ය. ප්‍රසිද්ධියේ කතා නොවුණත් ගෘහස්ථ හිංසනය තාරකාවන්ට ද උරුම කරුමයකි.

රුවෙන් ලොවක් දිනූ, රංගනයෙන් රසික හද දිනූ අයිශ්වර්යා රායි ද මේ ගොදුරේ කොටස්කාරියකි. ඇය සල්මන් ඛාන්ගේ පෙම්වතියව සිටියදී අයිශ්වර්යාගේ මවුපියන්ට පොලිස් ස්ථානය නිවෙස මෙන් සුපුරුදු තැනක් විය.

ඈෂ් - සල්මන් පෙම බිඳ වැටුණු පසු ඇය සල්මන්ගේ වැඩි සෙනෙහස දබරයටම හේතුª වූ බව හෙළි කළාය. සල්මන් ඛාන් මතින් මත් වී සිටින විට ඈෂ්ට පහර පිට පහර දී තිබේ.

‘වාසනාවකට බාහිර ලෝකයට පේන්න තුවාල සිදු වුණේ නැහැ. ඒ නිසා කිසිවක් නොවුණ ලෙස දර්ශන තලයට යාමට හැකි වුණා.’ 2002 දී ඈෂ් පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රසිද්ධියේම කියා සිටියාය.

‘චල්තේ චල්තේ’ රූගත කිරීමේදී දර්ශන තලයට පැමිණි සල්මන් ඇය තල්ලුකර දර්ශන තලය ද සුනු විසුනු කළේය. එහෙත් අද ඈෂ්, කාන්තාවන්ට ගෞරව කරන බච්චන් පවුලේ සාමාජිකාවකි.

විසි එක් වැනි සියවසේදී ඈෂ් පෙම්වතාගෙන් බැට කද්දී හැත්තෑව අසූව දශකයන්හි තිරයේ සරාගී තාරකාවක වූ සීනත් ආමන්ට ද ගැලවීමක් නොවීය.

නළු සංජේ ඛාන් සමඟ ප්‍රේමයක් ගොඩනගා ගත් ඇය ඔහුගේ බිරිය වූයේ කබලෙන් ළිිපට වැටෙමිනි.

සංජේ ඇයට පහර පිට පහර දුන්නේය. වරක් ඇස්වලට දුන් පහරකින් බරපතළ ලෙස තුවාල විය. මුහුණ ඉදිමී, ඇස් කළු වන්නට තරම් පහරදීම් දැඩි විය. ඇස්වල ලේ කැටි තිබුණු බවත්, ඇයගේ දෙතොල් කපා දමා තිබුණු බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

සුව වූ පසු ඒ ආදරයට ආයුබෝවන් කියූ සීනත් ඊළඟට විවාහ වූයේ මෂාර් ඛාන් සමඟය. එහෙත් එය ද ඉ¼ගුරු දී මිරිස් ගැනීමක් හා සමාන විය. ඇය මෂාර්ගෙන් ද පහර පිට පහර කෑවේය.

මෑත යුගයේ තාරකාවන්ට ද ගෘහස්ථ හිංසනයෙන් ගැලවීමක් නැත. එක්තා කපූර්ගේ ‘කුසුම්’ සිනමාපටයෙන් දොරට වැඩි රූචා ගුජ්රාති සැමියාගෙන් පමණක් නොව සැමියාගේ නෑයන්ගෙන් ද බැට කෑවාය. රූචා විවාහ වී සිටියේ ව්‍යාපාරිකයකු වූ මිථූල් සංගවී සමඟයි.

නානාගෙන් සංජේට තර්ජනයක්

සංජේ දත් සිර ගෙදරට යාම තරුවලට තරු පිට කරන පුවතක් විය. එහෙත් එක් තරුවක් නීතිය තරමටම සංජේට එරෙහි වී තිබේ. ඔහු සම්මානනීය නළු නානා පතේකාර්ය. තෙවරක්ම ජාතික සම්මානයෙන් පිදුම් ලැබූ නානා තමන් මින් පසු සංජේ සමඟ රඟපාන්නේවත්, ඔහු රැ¼ගූ සිනමාපට බලන්නේවත් නැති බව පවසයි.

‘මගේ පැත්තෙන් ඔහුට දෙන දඬුවම එයයි.’ හැට දෙහැවිරිදි නානා මරාති මාධ්‍යයට කියා තිබේ. කවුරු කළත් වැරැද්ද වැරැද්දමයි නාන නොකියා කියන්නේ එයයි.

ෂම්ෂාඩ් බෙගම් මිය යයි

ඉන්දීය සිනමාවේ සියවසක් අබියසදී ජීවිතයේ සියවස සැමරීමට වසර හයක් පමණක් තිබියදී ෂම්ෂාඩ් බෙගම් ගීත කෝකිලාව සදහටම සිය හඬ නිහඬ කළාය.

හතළිහ, පනහ දශකයේදී බොලිවුඩයේ ගීත කෝකිලාවක ලෙසින් ඇය ඉහළම ජනප්‍රසාදයකට ලක්ව සිටියාය.

ලතා මංගේෂ්කාර්ට පෙර ගී ලොවට පිවිසි ඇය හා ලතා අතර සීතල යුද්ධයක් පවතින බවට කටකතා පැතිර ගියත් දෙදෙනා එක්ව ගීත රැසක් ගයා තිබේ. ‘මදර් ඉන්ඩියා’ සිනමාපටයට ඔවුන් ගැයූ ‘හෝලි ආගේ රේ’ ගීයත්, ‘බයිජු බවුරා’ සිනමාපටයට ගැයූ ’දූර් කොයි ගයේ’ වැනි ගීත අදටත් ජනප්‍රියය. නෞෂාද්, ඕ. පී. නයාර් වැනි සංගීතඥයන්ගේ ප්‍රියතම ගායිකාව වූයේ ඇයයි.

අන්මෝල් ගාඩි, පතන්ගා, බාබුල්, දීදාර්, බහාර්, ආවාරා, සීඅයිඩී, ආර් ප්‍යාර් වැනි සිනමාපට ගණනාවකම ගීත ඇයගේ හඬින් මිහිරි විය.

ෂම්ෂාඩ් බෙගම් තමන් ඡයාරූපගත කරනවාට දැඩිසේ අකැමැති කලා ශිල්පිනියක වූවාය. 1955 සිට වැන්දඹුවක වූ ඇය එක් දියණියකගේ මවකි.

තුන් කොන් පෙම් කතා

මේ රන්බීර්ගේ පැරැණි පෙම තිරයෙන් අලුත් වෙන කාලයයි. මැයි 31 වැනිදා දීපිකා - රන්බීර් දෙදෙනා රැඟූ ‘යේ ජවානී හෛයි දීවානි’ තිරගත වීමට නියමිතයි. සිනමාපටයෙන් අලුත් වූයේ දෙදෙනාගේ මිත්‍රත්වය පමණක් කියා රන්බීර්, දීපිකා යුවළ පැවසුව ද ඉන් කත්‍රිනාට සිත සනසාගත නොහැකි පාටය.

එනිසාදෝ කත්‍රිනා ළඟදී රන්බීර්ට විශේෂ රාත්‍රී ආහාර වේලක් ලබා දුන්නාය. ආරංචිවලට අනුව කත්‍රිනා සිය නිවෙසේ පැවැති සාදයට ඔහු කැමැති සියලුම කෑම වර්ග ගෙන්වා ගෙන තිබේ. ඔහු කැමැති කුමකට ද කියා කත්‍රිනාට තවමත් තෝරා ගැනීමට අපහසු පාටය.