වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




අවදානම් ජවනිකාව සඳහා පුහුණු පුරෂුට්කරුවන් 88 ක්

මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත වී මේ වසරට වසර 50

අවදානම් ජවනිකාව සඳහා පුහුණු පැරෂුට්කරුවන් 88 ක්

බර්නාඩ් ලී බ්‍රිතාන්‍ය රහස් ඔත්තු සේවා ප්‍රධානී ‘එම්’ ගේ චරිතය රඟපෑ අවසාන චිත්‍රපටය මෙය වන අතර ‘ගැජට්’ හෙවත් තාක්ෂණික මෙවලම් අංශයේ අධිපති ‘කිව්’ ගේ චරිතය ඩෙස්මන්ඩ් ලෙවලින් විසින් ද එම් ගේ ලේකම්වරිය ලෙස ලොයිස් මැක්ස්වෙල් ද චරිත නිරූපණය කළා.

1977 වසරේ අතිශය ජන ප්‍රසාදය දිනාගත් ‘ස්ටාර්වෝස් චිත්‍රපටයේ රසික පිරිස ආකර්ශනය කර ගැනීම සඳහා අජටාකාශයේ සටන්, ලේසර් වෙඩි හුවමාරු සහිත දර්ශන ඇතුළත් කොට ‘මුන්රේකර්’ චිත්‍රපටය නිර්මාණය කිරීමට නිෂ්පාදන කණ්ඩායම සැලසුම් කළා.

‘ජෝස්’ ගේ නපුරු චරිතය යහපත් සහ විනෝදාකාමී චරිතයක් කරන්නැයි ‘ස්පයි හූ ලව්ඩ් මී’ නැරඹූ ළමා පිරිස් විසින් දැක් වූ ප්‍රතිචාරයට අනුව එම චරිතය හාස්‍යෝත්පාදක පැත්තට නැඹුරු කර තිබූ අතර දැවැන්තයෙකු වූ ඔහුගේ පෙම්වතිය ලෙස කුඩාපෙනුමකින් යුත් බ්ලාන්ච් රැවලෙක් නම් නිළියක් රඟපෑමට එක් වුණා.

ප්‍රංශ ජාතික නිළියක් වූ බ්ලාන්ච් සහජයෙන්ම කුඩා සිරුරක් ඇති අයෙක්. ‘ජෝස්’ සමඟ සැසැඳීමේදී දෙදෙනාගේ උස් මිටි බව වඩාත් කැපී පෙනුණා. ‘ජෝස්’ ලෙස රඟපෑ රිචඩ් කීල්ගේ සැබෑ බිරිඳත් එවැනිම කුඩා කාන්තාවක් වීම විශේෂත්වයක්. 1978 අගෝස්තු 14 දා ලන්ඩනයේ පයින්වුඩ් චිත්‍රාගාරයේ 007 වේදිකාවේදී මූලික රූගත කිරීම් ඇරඹුණා.

එයට ඇතුළත් වුණේ අජටාකාශ දර්ශන සහ කේබල් යානයේ සමීප දර්ශන පමණයි. කලා අධ්‍යක්ෂක කෙන් ඇඩම් විසින් තෙමහල් අජටාකාශ නැවතුම්පොළ නිර්මාණය කර තිබුණේ ප්‍රංශයේ විශාලතම චිත්‍රාගාර තුනෙන් එකක් වන එපොනේ චිත්‍රාගාරය තුළයි. 220 ක කාර්ය මණ්ඩලයක් නිර්මාණ කටයුතුවල නියැළුනු අතර ලෝහ තහඩු ටොන් 100 ක්, ඇණ වර්ග ටොන් 2 ක් සහ දැව අඩි 10,000 ක් ඒ සඳහා වැය වුණා. කැලිෆෝනියාවේ පිහිටි ඩ්‍රැක්ස් ගේ මන්දිරය ප්‍රති නිර්මාණය කෙරුණේත් ප්‍රංශයේදීයි.

ඉතිරි දර්ශන ඉන්දියාවේ සහ නේපාලයේ රූගත කිරීමට මුලින් අදහස් කොට තිබුණත් අවසානයේ ලන්ඩනය, වැනීසිය, කැලිෆෝනියාව, ෆ්ලොරිඩාව සහ රියෝ ඩි ජෙනීරෝ හිදී එම රූගත කිරීම් සිදු කෙරුණා.

ෂුගර් ලෝෆ් කඳුවැටියේදී කේබල් කාර් දර්ශන රූගත කෙරෙද්දී ලිස්සා වැටීමට ලක් වූ ක්‍රියාදාම සටන් ශිල්පී රිචඩ් ග්‍රේඩන් දිවි ගලවා ගත්තේ අනූ නමයෙන්. රියෝ ද ජැනීරෝහිදී වකුගඩු ආබාධයක් වැළඳීම නිසා මුවර් රෝගාතුර වූයෙන් රූගත කිරීම් ප්‍රමාදයට ලක් වුණා.

බ්‍රසීලයේ ඉගුආසු දිය ඇල්ලේ දර්ශන අසාර්ථක වූ හෙයින් කුඩා බෝට්ටු ආකෘති ආධාරයෙන් ඒවා චිත්‍රාගාරය තුළ ප්‍රතිනිර්මාණය කිරීමට සිදු වුණ අතර, ඇමසන් වැසි වනාන්තරයේ පිහිටි ඩ්‍රැක්ස් ගේ පිරිමිඩාකාර මුලස්ථානය ගෝතමාලවේ ටිකල් මායන්රුයින්හිදී රූගත කෙරුණා. එහෙත් එහි අභ්‍යන්තර දර්ශන කෙන් ඇඩම් විසින් නිර්මාණය කරන ලද්දේ ප්‍රංශයේ චිත්‍රාගාරයක් තුළයි.

අජටාකාශ තොටුපොළේ ඇතැම් දර්ශන ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේදී සහ කැලිෆෝනියාවේ පාම්ඩේල් හි රොක්වෙල් කර්මාන්ත ශාලාවේදී රූගත කෙරුණා. බොන්ඩ් සහ ‘ජෝස්’ අතර උඩු ගුවනේදී සිදුවුණු සටන දක්ෂ පැරෂුට් ශිල්පීන් දෙදෙනෙකු වන රොන් ලුජින්බිල් සහ ජේක් ලොම්බාඩ් විසින් සහාය අධ්‍යක්ෂක ජෝන් ග්ලෙන් ගේ අධීක්ෂණය යටතේ රූගත කෙරුණා.

බොන්ඩ්ගේ ආදේශක නළුවා වූයේ ලොම්බාර්ඩ්ය. මෙම අවදානම් ජවනිකාව සඳහා පුහුණු පැරෂුට්කරුවන් 88 දෙනෙකු සහභාගි වූ අතර හිස් ආවරණ මත සවි කළ සැහැල්ලු පැනවිෂන් කැමරා මඟින් ගුවනේ රූගත කිරීම් සිදු කෙරිණි. එහි බොන්ඩ් සහ ජෝස් අතර සටනේ සමීප දර්ශන සියල්ල රූගත වුණේ චිත්‍රාගාරය තුළදීයි.

මුන්රේකර් තේමා ගීතය ගැයීම සඳහා නිෂ්පාදකවරු තෝරාගෙන සිටියේ කේට් බුෂ් සහ ෆ්රෑන්ක් සිනාට්‍රා යන ශිල්පීනුයි. එහෙත් අවසානයේ ගීතය ගායනා කළේ ෂර්ලි බැසී විසින්. ඇගේ තුන්වැනි බොන්ඩ් තේමා ගීිතය මෙය වෙයි.

ගෝල්ඩ්ෆින්ගර් සහ ඩයමන්ඩ්ස් ආ ෆොඑවර් චිත්‍රපටවල තේමා ගීතය ගැයුවේද ඇයයි. ජෝන් බැරීගේ සංගීතයට ජෝන් මැතිස් ගේ හඬින් මෙම ගීතය පටිගත කළ නමුදු පසුව එය ප්‍රතික්ෂේප විය. ෂර්ලි බැසී විසින් සංගීත ආකෘති දෙකකට අදාළ ගීතය පටිගත කරනු ලැබූ අතර චිත්‍රපටය අවසාන නාමාවලිය සඳහා යොදා ගත්තේ ඩිස්කෝ සංගීතය අඩංගු ගීතයයි.

1979 ජූනි 26 දින ලන්ඩනයේදී ප්‍රථම දර්ශනය පැවැත්විණි. එහි දල ආදායම ඩොලර් 70,308099 ක් වූ අතර ඉන් තෙදිනකට පසුව අමෙරිකාවේ සිනමා ශාලා 788 ක දී ප්‍රදර්ශන වාර ආරම්භ විය. 1979 අගෝස්තු වන විට ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ඇතුළු ස්කැන්ඩිනේවියානු රටවලත් ප්‍රංශය, ඉතාලිය සහ යුරෝපා රටවලත් ප්‍රදර්ශන කටයුතු සාර්ථකව සිදු කෙරිණි.

ලෝ වටා ප්‍රදර්ශනයෙන් චිත්‍රපටය ලත් ආදායම ඩොලර් 210,308,099 ඉක්මවා ගිය මුදලකි.අදාල වසරේ ඇකඩමි සම්මාන උළෙලේදී හොඳම දෘශ්‍ය ප්‍රයෝග සඳහා ඩෙරික් මෙඩින්ග්ස් සම්මානය සඳහා නිර්දේශ විය.

සිනමා විචාරක ජේ. ස්කොට්ගේ මතය වූයේ ‘මුන්රේකර්’ දෙවෙනි වන්නේ’ගෝල්ඩ් ෆින්ගර්’ චිත්‍රපටයට පමණක් බවයි. එහි තේමා ගීතය සහ කෙන් ඇඩම් ගේ පසුතල නිර්මාණය ඔහුගේ ප්‍රශංසාවට ලක් විය. විචාරක ජේම්ස් මොනාකෝ ගේ ඇගයීමට අනුව බොන්ඩ් සිනමාවලියේ හොඳම චිත්‍රපටය ලෙස ‘මුන්රේකර්’ හැඳින්වෙයි.

ජේම්ස් බොන්ඩ් සිනමාවලියේ 12 වෙනි චිත්‍රපටය ලෙස තිරයට ආ ‘ෆො යුවර් අයිස් ඔන්ලි’ සමඟ ලබන සතියේ හමුවෙමු.