වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




චින්තා ප්‍රියංගනීගේ ඒක පුද්ගල ප්‍රසංගය නොවැම්බර් 02 දා

චින්තා ප්‍රියංගනීගේ ඒක පුද්ගල ප්‍රසංගය නොවැම්බර් 02 දා

ගායන ශිල්පිනී චින්තා ප්‍රියංගනීගේ පළමු ඒක පුද්ගල ගී ප්‍රසංගය එළඹෙන නොවැම්බරයේ දෙවැනි දින බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රයේදී පැවැත්වේ.

ලලිත් පන්නිපිටියගේ වම දකුණ චිත්‍රපටයේ ‘ක්ලබ් සෝංග්’ ගීයත් බුද්ධික ගුණදාසගේ හිරු දුටු පිණි ටෙලි සිතුවමේ තේමා ගීතය චින්තා විසින් ගැයූ ගීත අතර වේ.

ආචාර්ය වික්ටර් රත්නායක සහ නන්දසේන කටුවාවල යන අයගෙන් සංගීතය හැදෑරූ ඇය කැස්බෑව ආටිගල බාලිකා සහ කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි විද්‍යාලයන්හි ආදි ශිෂ්‍යාවකි.

මල්වර සිරිත් රූ ගැන්වෙයි

ආරියරත්න විතානගේ අධ්‍යක්ෂණය කළ ශ්‍රී ලංකාවේ මල්වර සිරිත් පිළිබඳ වාර්තා චිත්‍රපටය චයිල්ඩ් හුඩ් ටු වුමන් හුඩ් හි රූගත කිරීම් පසුගිය දා සිදුවිණ.

28 දා රිදී ටී. වී. රුක්මණී වෙනුවෙන්

රුක්මණී දේවියගේ තිස්හතර වැනි ගුණ අනුස්මරණය නිමිත්තෙන් ඩයලොග් ටී. වී. හි හැටහත්වන නාළිකාව ‘රිදී’ හි මෙම මස 28 වැනිදා දවස පුරාම විකාශය වනුයේ රුක්මණී දේවිය රඟපෑ චිත්‍රපට සහ ඇය හා සබැඳි වැඩසටහන්ය.

රිදී නාළිකාව පවත්වාගෙන යනු ලබන්නේ තිස්ස නාගොඩවිතාන සහ ඔහුගේ පුතණුවන් වන චරිත්, හරේන් සහ චමිල විසිනි.