වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




උතුම් පින්කමකට මුල පුරමු

උතුම් පින්කමකට මුල පුරමු

ලාදුරු රෝගය අද සුව කළ හැකි රෝගයක් වුවත්, කලකට ඉහත එහෙම වූයේ නැහැ. එය සමාජයෙන් කොන් කරන රෝගයක්. එදා මේ රෝගය වැළඳී එලෙස අසරණ වූ පිරිසට තිබුණා එක් රෝහලක්.

හැඳල හේකිත්තේ තිබෙන මෙම ස්ථානයේ ඉන්නේ ලාදුරු රෝගීන් හතළිස් තුන් දෙනෙක්.

පුංචි භූමි භාගයක හිරවෙලා ඉන්න මේ පිරිස ගැන චන්දික නානායක්කාරට හෝඩුවාවක් ලැබුණේ හිතවතෙකුගේ මාර්ගයෙන්. ඔහු මෙතැන ගැන තවත් විස්තර හොයලා බැලුවා. නිළි රැජන මාලිනිය, කංචන කොඩිතුවක්කු, ගිහාන් ප්‍රනාන්දු, මධුමාධව අරවින්ද, දමයන්ත පෙරේරා වැනි ක්ෂේත්‍රයේ සහෘදයින්ට මේ ගැන කිව්වා.

සියල්ලෝම එක සිතින් මෙතැන බලන්නත් ඔවුන්ට උදවු පදවු කොට කෙටි කාලයකට හෝ ඔවුන්ට විනෝදාස්වාදය සපයන්නත් පසුගිය දිනෙක එතැනට ගියා. තෑගි බෝග හුවමාරු කර ගත්තා. ගී සිංදු කිව්වා රෑ වෙනකම්ම.

එදින තමයිලු මෙතැන සිටින රෝගීන් බොහොම දෙනෙක් සමහරක් කෑම ජාති මුල් වරට රස බැලුවේ. පිරිස අප කලාකරුවන්ට නොසෑහෙන්න පින් දුන්නාලු. මේ ප්‍රජා සත්කාරය නිසා මෙම රෝහල ගැන නොදත් බොහෝ දෙනෙක් දැනගෙන. චන්දිකලාටත් වුවමනා වෙලා තියෙන්නේ ඒක.

‘ලාදුරු රෝහලක්’ කිව්වම ටිකක් බය හිතෙනවා. ඒත් මේ රෝගය දැන් සදහටම තුරන් වූවක් නිසා එතැනට යන්න බයවෙන්න ඕන නැහැ කියලා චන්දික අවසන් වශයෙන් කිව්වා.