වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය -84

සිංහල සිනමා විස්තරය -84

වීර පුරන් අප්පු

තිරගත වූ දිනය – 1978 අගෝස්තු 08

ඉදිරිපත් කිරිම - ෂාලංකා චිත්‍රපට

නිෂ්පාදනය – ටිරෝන් ප්‍රනාන්දු (පාර්ලිමේන්තු මන්ත්‍රී)

අධ්‍යක්‍ෂණය - ලෙස්ටර් ජේම්ස් පීරිස්

කතාව, තිර නාටකය සහ දෙබස් - තිස්ස අබේසේකර

සහාය අධ්‍යක්‍ෂණය - සෝමපාල ධර්මපි‍්‍රය, වී. උපාලි පෙරේරා

කැමරා අධ්‍යක්‍ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න

කැමරා සහාය – ජයනාත් ගුණවර්ධන, සෝමපාල ධර්මපි‍්‍රය

සංස්කරණය – ග්ලැඩ්වින් ප්‍රනාන්දු

සංස්කරණ උපදේශිකා සහ නිශ්චල ඡායාරූප - සුමිත්‍රා පීරිස්

කලා අධ්‍යක්‍ෂණය – ධර්මසේන හේමපාල

වේශ නිරූපණය – ඊබට් විජේසිංහ

සටන් අධ්‍යක්‍ෂණය - රොබින් ප්‍රනාන්දු

නිෂ්පාදන අධිකාරී – රන්ජන් කුරේ

නිෂ්පාදන කළමනාකරු - අනුර දිසානායක

සැකසුම – විජය චිත්‍රාගාරය, සරසවි චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

කාර්මික සහාය - කේ. ඒ. ධර්මසේන,

එස්. එම්. රත්නසිරි, එම්. ඩී. සුමතිපාල

පසුබිම් සංගීතය - ප්‍රේමසිරි කේමදාස

ගීතනු නිර්මාණය – ඩබ්ලිව්. ඩී. අමරදේව

ගීත ප්‍රබන්ධය – අරිසෙන් අහුබුදු, පරාක්‍රම කොඩිතුවක්කු

ගීත - සකළ සිරින් පිරි සිරි ලංකාවේ - සුනිල් එදිරිසිංහ (පරාක්‍රම කොඩිතුවක්කු)

ගම්භිර තේදැති කොන්ස්තන් තීනු - සුනිල් එදිරිසිංහ

ජය අපටයි ලංකාවේ – අබේවර්ධන බාලසූරිය,

සුනිල් එදිරිසිංහ, අයිවෝ ඩෙනිස්, ධර්මසිරි පෙරේරා (අරිසෙන් අහුබුදු)

සිංහලයෝ අපි සිංහලයෝ - අබේවර්ධන, සුනිල්, අයිවෝ, ධර්මසිරි (අරිසෙන් අහුබුදු)

ජාතිය වෙනුවෙන් පර සුද්දන්ගේ – (කවි) ඩබ්ලිව්. ඩී. අමරදේව

මෙහි ගීත තැටි හෝ ගීත පොත් නිකුත්ව නොමැත

නළු නිළියන් – රවීන්ද්‍ර රන්දෙණිය (පුරන් අප්පු) මාලනී ෆොන්සේකා (බිසෝ මැණිකේ ) ජෝ. අබේවික්‍රම (ගොංගාලේගොඩ බණ්ඩා) ශි‍්‍රයාණි අමරසේන (කුමාරිහාමි) තිස්ස අබේසේකර (කුඩාපොල හිමි) ධර්මසිරි බණ්ඩාරනායක (පුංචිරාළ) රොබින් ප්‍රනාන්දු (හඟුරන්කෙත ඩිංගිරාළ) ඩේවිඩ් ධර්මකීර්ති (ගුන්නෑපාන ආරච්චි) ටෝනි රණසිංහ බැසිල් ද සේරම් (හමුදා බටයා) ජාන් ටයර් ඕටාන් (කැප්ටන් වොට්සන්) ජෙරාඩ් බර්ජ්ස් (ටොරින්ටන් ආණ්ඩුකාර) පෙල්ට් හැතරි (මහලේකම් ටෙනන්ට්) ඇල්ප්‍රඩ් බෙරි (දිසාපති බුලර්) මාරි පෙල්ට් (මිස් ටෙරිං) හිලියන් නෙප්වර්ත් (ටොරින්ටන් ආර්යාව) දයා අල්විස්, එල්සන් දිවිතුරගම, යූස්ටස් ෆොන්සේකා, තිස්ස උඩංගමුව, අනුර මැදගොඩ, සෝමසිරි දෙහිපිටිය, බී. ඇස්. පෙරේරා, ක්ලීටස් මෙන්ඩිස්, ගීතාල් පෙරේරා, බුද්ධදාස විතානආරච්චි, සිසිර කුමාරතුංග, උදේනි චන්ද්‍රසිරි, ඒ. ජේ. ද. සොයිසා

ප්‍රදර්ශනය – ලිබර්ටි, ක්‍රවුන්, ඕඩියන්, වෙම්බ්ලි - මහනුවර ඇතුළු සිනමා ශාලා 17 කදී. වීර පුරන් අප්පු දිනය වෙනුවෙන් අලුතින්ම ඇරඹි පස්වන ප්‍රදර්ශක මණ්ඩලයේ පළමු චිත්‍රපටය විය.

ප්‍රදර්ශන කාලය – ලිබර්ටි දින 29, ක්‍රවුන්, ඕඩියන්, වෙම්බ්ලි ඇතුළු සිනමා ශාලා 06 ක දින 50ක් ද, වෙම්බ්ලි හි දින 100 ක් ද, ක්‍රවුන් හි දින 104 ක් වශයෙන් ද පෙන්වන ලදී.

විශේෂතා - නළු නිළියන් 1500 ක් පමණ රංගනයේ යෙදීම.

1979 වසරේ දී පැවති සිග්නිස් ර්‍ණ. ඛ්. ධ්. ඛ් උත්තමාචාර උළෙලේ දී, කුඩාපොල උන්වහන්සේගේ චරිතය නිරූපණය කිරීම වෙනුවෙන්, තිස්ස අබේසේකර හට සජීවී සිනමාත්මක කුසලතා සහභාගිත්ව සහතිකය හිමි විය.


බඹරු ඇවිත්

තිරගත වූ දිනය – 1978 අගෝස්තු 11

ඉදිරිපත් කිරීම - සාරංගා සලරූ

සම නිෂ්පාදනය – ධර්මසේන පතිරාජ, තිලක් ගොඩමාන්න

අදහස, දෙබස් සහ අධ්‍යක්‍ෂණය – ධර්මසේන පතිරාජ

නිෂ්පාදන සහාය - සුනිලා අබේසේකර, එච්. ඩී. සුනිල්

තිර රචනය – ධර්මසේන පතිරාජ, මාලිනී පතිරාජ

කැමරා අධ්‍යක්‍ෂණය - ඩොනල්ඩ් කරුණාරත්න

සංස්කරණය - සෙක්ස්ටස් අෆොන්සු

කලා අධ්‍යක්‍ෂණය -සරත්චන්ද්‍ර සමරක්කොඩි

වේශ නිරූපණය – ඊබට් විජේසිංහ

සහාය – රංජිත් මතඟවීර

නිෂ්පාදන කළමනාකාරිත්වය – පියසේන අහංගම, ඩබ්ලිව්. ජයසිරි

සහාය අධ්‍යක්‍ෂණය – ගාමිණී දෑල බණ්ඩාර, පියල් බී. හේරත්

සැකසුම – විජය චිත්‍රාගාරය

ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග

රසායනාගාර පාලක – ඇස්. තිරනාවුකරසු

සංගීත අධ්‍යක්‍ෂණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය – ඩබ්ලිව්. ජයසිරි

ගීත සංඛ්‍යාව - 02

ගීත –

උඳුම්බරා හිනැහෙනවා - සුනිලා අබේසේකර, ටී. එම්. ජයරත්න, අයිවෝ ඩෙනිස්

ආදරයේ ඔබ ඔබමයි - සුනිලා, ටී. එම්., අයිවෝ, සුභාෂිණී

ගීත පොත් - ශාන්ති පොත්හල

ගීත තැටි - සිල්වලයින්

ධාවන කාලය – පැය 2 විනාඩි 10

නළු නිළියන් – විජය කුමාරණතුංග (බේබි මහත්තයා) මාලිනී ෆොන්සේකා (හෙලන්) අමරසිරි කලංසූරිය (සනත්) විමල් කුමාර් ද කොස්තා (වීරසේන) ජෝ අබේවික්‍රම (ඇන්ටනි මුදලාලි) සිරිල් වික්‍රමගේ (සිරිල්) රූබි ද මෙල් (සෙලෙස්තිනා) සෝමසිරි දෙහිපිටිය (සෙබා) එස්. එච්. ජෝතිපාල (ක්‍රිස්ටෝපර්) දයා තෙන්නකෝන් (ප්‍රැන්සිස්) පියසේන අහංගම (නාවික නිලධාරී) දයා අල්විස් (පියතුමා) ඩබ්ලිව්. ජයසිරි (මයිකල්) වින්සන්ට් වාස්, ස්වර්ණමාලි දන්තුරේ බණ්ඩාර, නීලවතුර විජේවර්ධන, එස්. ඒ. ජේමිස්.

ප්‍රදර්ශනය – මැජෙස්ටික්, සැපයාර්, ඉම්පාලා, නැෂනල් (මහරගම) ඇතුළු පළමුවෙනි මණ්ඩලයේ සිනමාශාලා 15 කදී.

ප්‍රදර්ශන කාලය - සැපයාර් දින 18, ඉම්පාලා දින 36, මැජෙස්ටික් දින 40, එල්ෆීන්ටන් දින 50, වේල්ස් මහනුවර දින 52 ක් වශයෙන් පෙන්වන ලදී.

විශේෂතා -

1979 වසරේ දී පවත්වන ලද සිග්නිස්ර්‍ණඛ්ධ්ඛ්උත්තමාචාර උළෙලේ දී අධ්‍යක්‍ෂණය කුසලතා සහතිකය ධර්මසේන පතිරාජ, නිර්මාණශීලී තිර රචනය ධර්මසේන පතිරාජ සහ මාලනී පතිරාජ, නිර්මාණශීලී රංග කුසලතා ජෝ අබේවික්‍රම, සජීවී සිනමාත්මක කුසලතා සහභාගීත්වය රූබි ද මෙල් යන ශිල්පීන් සම්මානයට පාත්‍රවිය.

ප්‍රථම ජනාධිපති සම්මාන උළෙලේ දී උසස්තම නිෂ්පාදනය ලෝකඩ සිංහ තිළිණය, දක්‍ෂතම අධ්‍යක්‍ෂණය ලෝකඩ සිංහ තිළිණය, දක්‍ෂතම නිළිය මාලිනී ෆොන්සේකා සිංහ තිළිණය, දක්‍ෂතම සංගීත අධ්‍යක්‍ෂණය ප්‍රේමසිරි කේමදාස ලෝකඩ සිංහ තිළිණය, දක්‍ෂතම නළුවා ජෝ අබේවික්‍රම කුසලතා සහතිකය දිනා ගන්නා ලදී.

පෙන්වන ලද විදේශ චිත්‍රපට උළෙල -

1 ඉතාලියේ සෙන්රිටෝ චිත්‍රපට උළෙල හා බර්ගමෝ උළෙල

2 මොස්කව් චිත්‍රපට උළෙල

3 ලන්ඩන් චිත්‍රපට උළෙල

4 මදුරාසි චිත්‍රපට උළෙල

5 අමෙරිකාව ලොස් ඇන්ජලීස් චිත්‍රපට උළෙල.


සැලී

තිරගත වූ දිනය – 1978 අගෝස්තු 25

ඉදිරිපත් කිරීම - ජෙම් නිෂ්පාදන

නිෂ්පාදනය – එස්. පී. සාමි

කතාව, තිර රචනය, දෙබස් සහ අධ්‍යක්‍ෂණය - සිරිල් පී. අබේරත්න

කැමරා අධ්‍යක්‍ෂණය – තිමති වීරරත්න

සහාය අධ්‍යක්‍ෂණය – ඇන්ටන් ග්‍රෙගරි

සංස්කරණය - සෙක්ස්ටස් අෆොන්සු

වේශ නිරූපණය - රෙජී ද සිල්වා

කලා අධ්‍යක්‍ෂණය – ඇන්ටන් ගුරුස්වාමි, ඩී. ඇස්. හෙට්ටිආරච්චි

නාමාවලිය – ඇන්ටන් ගුරුස්වාමි

නැටුම් - හෙලන් කුමාරි

සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්

රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු

නිශ්චල ඡායාරූප – එස්. සිවසුබ්‍රමනියම්

නිෂ්පාදන කළමනාකරු - එම්. අගස්තියර්

සංගීත අධ්‍යක්‍ෂණය – එම්. කේ. රොක්සාමි

ගීත සංඛ්‍යාව - 05

ගීත –

දුවන සිරි දුවන සිරි – එච්. ආර්. ජෝතිපාල

සංගීත රාවේ චංචල මෙලොවේ – එච්. ආර් ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

කළුකඩ කාරයන්ගෙ සතුරා - එච්. ආර්. ජෝතිපාල

රඟමඩලේ ලෝකය මේ – ඇන්ජලින් ගුණතිලක

අම්මා තාත්තා නෑ මෙමටා - මැණික් චන්ද්‍රිකා

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන

ගීත තැටි - ජෙම්ටෝන්

නළු නිළියන් –

විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, විමල් කුමාර් ද කොස්තා, බැප්ටිස්ට් ප්‍රනාන්දු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, එඩී. ජයමාන්න, ශාන්ති ලේඛා, ෆර්ල් වාසුදේවි, බී. ඇස්. පෙරේරා, ලිලියන් එදිරිසිංහ, රෙෂාන් ඉද්දමල්ගොඩ, ඉනෝකා වීරසිංහ, එඩී. ජූනියර්, එච්. ආර්. ජෝතිපාල, හිල්ඩා ඇග්නස්.

ප්‍රදර්ශනය – රිට්ස්, අශෝකා, රොක්සි, ජයන්තා - ගම්පහ ඇතුළු තුන්වන මණ්ඩලයේ සිනමා ශාලා 16 කදී.

ප්‍රදර්ශන කාලය – රිට්ස් හි දින 68 පෙන්වන ලදී.


අප්සරා

තිරගත වූ දිනය – 1978 සැප්තැම්බර් 01

ඉදිරිපත් කිරීම - සිමාසහිත සිනමාස්

නිෂ්පාදනය - කේ. ගුණරත්නම්

අධ්‍යක්‍ෂණය - ජේ. සෙල්වරත්නම්

කැමරා අධ්‍යක්‍ෂණය – වී. වාමදේවන්

සහාය අධ්‍යක්‍ෂණය – දයානන්ද කාරියවසම්, වින්සන්ට් සෙනෙවිරත්න

වේශ නිරූපණය - කේ. සුබ්බු

නැටුම් අධ්‍යක්‍ෂණය - රොනල්ඩ් ප්‍රනාන්දු

සැකසුම – විජය චිත්‍රාගාරය – හැඳල

ශබ්ද පරිපාලනය - කේ. පී. කේ. බාලසිංහම්

රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු

සංගීත අධ්‍යක්‍ෂණය – එම්. කේ. රොක්සාමි

ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, කරුණාරත්න අබේසේකර

ගීත සංඛ්‍යාව - 07

ගීත - සඳ මෝදුවෙලා නැඟෙනා - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

ජීවිතේ සුරපුරේ – එච්. ආර්. ජෝතිපාල

මම සීතා වේ මාගේ මුළු ජීවිතේ – ඇන්ජලින් ගුණතිලක

තුරුලු වී හැඟුම් තෙරපෙයි – එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

පෙම්කඳ ඔබ පෙම් බැඳ උන්නේ – එච්. ආර්. ජෝතිපාල

ඇහෙනවනම් සිත හඬන තරම් – එච්. ආර්. ජෝතිපාල

පෙම් සාගරයේ රැල් නැග -ඇන්ජලින් ගුණතිලක

ගීත පොත් - ශාන්ති පොත්හල - මරදාන

ගීත තැටි - ජෙම්ටෝන් – පිටකොටුව

නළු නිළියන් – ගාමිණී ෆොන්සේකා, වීණා ජයකොඩි, ලයනල් දැරණියගල, එඩී. ජයමාන්න, ෆෙ‍්‍රඩී සිල්වා, රුක්මණී දේවි, ෆරීනාලායි, එඩී ජූනියර්, ශාන්ති ලේඛා, බී. ඇස්. පෙරේරා, හියුගෝ ප්‍රනාන්දු, සේනාධීර කුරුප්පු, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, බන්දු මුණසිංහ, මාක් සමරනායක, සරණපාල සූරියආරච්චි, මානෙල් වානගුරු, එඩී. අමරසිංහ, කුසුම් පෙරේරා, බොනිපස් ප්‍රනාන්දු

ප්‍රදර්ශනය – ගාමිණී, ෆ්ලාසා, රුක්මණී – වැල්ලම්පිටිය, අනුෂා - මහරගම, කිංග්ස් - මීගමුව, ශ්‍රී ලංකා - වෙන්නප්පුව ඇතුළු 2 වන මණ්ඩලයේ සිනමා ශාලා 14 කදී.

ප්‍රදර්ශන කාලය – මුල් සිනමා ශාලා 6 ක දින 50 පිරුණු අතර ගාමිණී සහ ෆ්ලාසා හි දින 68 ක් තිරගත විය.