වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 25 වැනිදා බ්‍රහස්පතින්දා




FeedBack

කෙටි පණිවුඩ අයුරින් ප්‍රතිචාර එවන විට ඔබේ නම සහ ප්‍රදේශය සඳහන් කිරීමට මතක තබා ගත යුතුයි. එමෙන්ම කෙටි පණිවුඩය තුළ ඔබේ ප්‍රතිචාරය ඉතාම කෙටියෙන් දැක්වීම පහසුවක්.

0752805047 මේ අංකය ඔබේ කෙටි පණිවුඩ ප්‍රතිචාර සඳහාය. ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10 මේ ලිිපිනය ඔබේ තැපැල්පත් වෙනුවෙනි.
 

චන්ද්‍රිකාට දිගාසිරි

රාගධාරී සංගීතයකට නැකම් කියන අපූර්ව කටහඬකට උරුමකම් කියන විශාරද චන්ද්‍රිකා සිරිවර්ධන මෙරට බිහි වූ සිංහල සහ දමිල අංශයේ විශිෂ්ට ගායිකාවකි.

අසූව දශකයේ අතිශය ජනප්‍රිය වූ ඇය හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මානයෙන් තෙවරක් පිදුම් ලැබුවේය. ඒ පිළිවලින් හිතවතිය, සිනාසෙන්න රත්තරං, ඡායා යන චිත්‍රපට සඳහාය. මෙහිදී ඡායා සඳහා ඇය ගැයූ ‘නිශාතල කිරණේ’ ගීතය විචාරකයන්ගේ පැසසුමට ලක් විය. විනිසුරුවරියක ලෙස අති වගකීම් සහිත කාර්යයක නියැලෙන ගී ලොව උපන් අප්සරාවියේ ඔබට දීර්ඝායුෂ පතමි.

මංජුල පෙරේරා

පහළ කටුනේරිය


සිඩ්නි අගයමු

සිඩ්නි ආටිගල හැටේ දශකයේ චිත්‍රපට සීමිත ප්‍රමාණයකට ගී ගයා රසික රසිකාවන් අමන්දානන්දයට පත්කළ ප්‍රවීණ ගායකයකි. ඔහු ගැයු ගී අතරින් ‘නංගිලා මල්ලිලා, පැලේ වසන රන්මලී, පුංචි කාලේ මුහුදු වැල්ලේ’ යන ගීත ජනප්‍රියත්වයට පත් වූ ගීත වේ. අද මෙම ගායකයාව අමතක කිරිම කණගාටුවට කරුණකි.

හිලරි සිරිලාල් ද අල්මේදා

බ්‍රිජට් සිල්වා

මොරටුව


රොබින්ට ඇරැයුමක්

රොබින් ප්‍රනාන්දු සිනමාවෙහි සිටින දක්ෂ වැදගත් මහත්තයෙක්. ඔහු එදා සිට අද දක්වාම තම රුප සොභාව කඩවසම්ව පවත්වා ගන්නට සමත් වූවා. නව පරපුරේ මෙන්ම පැරැණි පරපුරේ ශිල්පීන්ව යොදාගෙන චිත්‍රපටයක් නිෂ්පාදනය කරන්න.

මූණමලේ රං බණ්ඩාර

බමුණාකොටුව


රුක්මණී දේවිය සමරමු

රුක්මණී දේවිය මෙලොවින් සමුගෙන මෙම මස 28 දාට වසර තිස් හතරකි.

අග්‍රණ්‍ය නිළි රැජනිය ඇය වූවා
ගායනයේදීත් ඇය රැජිනිය වූවා
දෙදහස් දොළහ ඔක්තෝබර් විසි අට වූවා
ඇය සමුගෙන අවුරුදු තිස් හතරක් වූවා

කඩවුණු පොරොන්දුවෙන් නිළි වරමක් ලැබුවා
අවසන් රංගනය සක්විති සුවයෙන් දුටුවා
ඇය නිබඳවම දෙව් මව ළග සැතපේවා
ආයේ අපේම රුක්මණී දේවිය වේවා

ඩඩ්ලි ගෝමස් - මොරටුව

*******

හෙළ සිනමාවේ මුල් නිළි රුක්මණි දේවී
හෙළ සංගීතේ රස කළ ගී මිණි රාවේ
සමුගෙන අපෙන් වසර තිස් හතරක් වේවි
එනමුත් නාමේ පවතියි රුක්මණි දේවි

ආවත් නොයෙක් නිළියන් ඔබගෙන් පසුව
නෑ කිසි කෙනෙක් සිටියේ දිගු නෙත් සතුව
ගයමින් ගීත රඟමින් මඳහස පෑව
නැත පිර වූයේ තවමත් ඔබගේ අඩුව

පණස් වසක් නොව සිය වසරක් ගෙවුණ
දින සිහි කරන විට හෙළ සිනමාවෙ ගුණ
ඒ පරපුරේ අයටත් මතකයේ සිටින
රුක්මණි දේවි නාමය වෙයි සදාතන

ලක්ෂ්මන් රණසිංහ - වත්තල


නිර්මලා ඇගයීම වටී

අති දක්ෂ ගායිතාවක වන නිර්මලා රණතුංග ගැන කතාබහ කිරීමේදී ඇයව ඇගයීමකට ලක්නොවූ බව කිව යුතුය. සිනා සපිරි සඳ දුර ඈතයි, මේ උයන් කොනේ වැනි ගීත ඇගේ හඬින් අපට දායාද කළේ රසාලිප්ත ගීත කිහිපයකි.

නිමල් කුලසේකර -අඟුලාන


සුමේධගේ සේවය ඉහළයි

රිටිගල සුමේධ යන නාමය වඩාත් ප්‍රචලිත වූයේ ගාමනී චිත්‍රපටයෙනි. එහි සටන් අධ්‍යක්ෂකවරයා ලෙස ඔහු පෑ දස්කම් විශිෂ්ටය. පාරම්පරික උරුමයක් වූ අංගම් සටන් ශිල්ප ක්‍රම මනාව හසුරවමින් සුමේධ ඒවා තාරුණ්‍ය අතර ප්‍රචලිත කරමින් සිටින සේවය අනගිය.

තිලකරත්න විල්වල

කෑගල්ල


බැප්ටිස් යළි එන්න

කලක් රිදී තිරය ඔප කළ බැප්ටිස් ප්‍රනාන්දු යළිත් රඟපාන්න එන්න.

වියානි ගුණවර්ධන

නිලන්ත ගුණවර්ධන

ශීලා වැන්ඩර්ලන්


දැන්වීම් එපා

ගුවන් විදුලියේ ජෝතිපාලයන් වෙනුවෙන් වෙන් වූ වැඩසටහන් රැසකි. ඒ වුණත් ඒවාහි දැන් දැන් ප්‍රචාරය වනුයේ ජෝතිගේ ගීත නොව වෙළෙඳ දැන්වීම්ය. එම විට එම වැඩසටහන් අසන්නට එපා වෙයි.

එම්. ඩී. විල්ෆ‍්‍රඩ් - මීගමුව


මොණරතැන්නන ටෙලි නාට්‍යයේ පාලිත සිල්වාගේ රඟපෑම ඉතා උසස්.

යූ. ජී. පාලිත කුමාරසිංහ
ගඩලාදෙණිය

අයෝමි ශානිකා හුරතල් පොඩි ළමයෙක් වගේ.

වසන්ති ගමගේ

අවිස්සාවේල්ල

ඉනෝකා සත්‍යංගනීගේ සින්ඩරෙල්ලා සමඟ කලකින් සිංහල සිනමාවට ආපු අති දක්ෂ රංගන, නර්ථන හැකියාවන්ගෙන් පරිපූර්ණ උපේක්ෂා ස්වර්ණමාලිගෙන් කලාව වැඩි ප්‍රයෝජන නොගන්නේ ඇයගේ අවාසනාවද සිනමාවේ අවාසනාද කියලා හට හිතාගන්න බැහැ.

සුදේශ් ප්‍රියංකර - කැලණිය

අපිට අද වන විට ඇසෙන එෆ්. එම්. නාලිකා ගණන අති මහත්ය. නමුත් බොහී නාලිකාවලින් ගීත රචකයා, සංගීතඥයා හෝ අඩුම තරමේ ගායකයා කවුරුද යන්න සඳහන් නොකරයි.

වර්තමාන ගීත ශ්‍රාවකයින් දැනුවත් කිරීම අනාගතයේදීවත් සිදු වේවා.

දමයන්ති කුමාරි

හොරණ

තිසුරි යුවනිකා ඉඳුවරි නාට්‍යයේ කැපී පෙනෙන චරිතයක් රඟයි. සුසන්තා චන්ද්‍රමාලි වූ ඇගේ මව සේම ඇයට පැහැදිලි වූ අනාගතයක් තිබේ.

පියුමාලි - මාවනැල්ල

තරුණ ජනප්‍රිය නළු කාවිංග පෙරේරා ක්‍රම ක්‍රමයෙන් තමන්ගේ හැකියාව ඔප් නංවා ඇති බව සේපාලිකා නාට්‍ය බලන අපට පෙනේ.

නෙවිල් පතිරණ - කොළඹ

ප්‍රවීණ ක්‍රිකට් විචාරක ප්‍රේමසර ඈපාසිංහ ඉස්සර තරම් ක්‍රිකට් විස්තර විචාරයේ නොයෙදීම අපට ප්‍රහේළිකාවකි.

සරත් - මතුගම

නොයෙල් රාජ්ගේ ළං ළං වෙලා සිතින් මා ගීතය සැබෑ විරහ ගීයකි.

ඉන්දික - මතුගම

‘කවුද මේවට වග කියන්නේ’ වේදිකා නාට්‍යයේ රඟන සුරේඛා පෙරේරා සහ නිමල් රත්නායක පුංචි තිරෙන් දකින්නට ආසයි.

රේණුකා ශාන්ත - හෝමාගම

සිරස නාලිකාවේ කලකට ඉහත විකාශය වූ ප්‍රගති නැවතත් පෙන්වන්න.

දිනේෂ් - මීගමුව

‘සඳක් වෙන්න බැරි නම් මා හට’ ගීය ගැයූ ඉමේෂා මුතු කුමාරි දැයේ පිනට පහළ වූ වටිනා සම්පතකි.

හර්ෂනාථ නිකවැරටිය