වර්ෂ 2012 ක්වූ ජුලි 05 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපාමු

ඔබේ රඟපෑමේ සිහිනය සැබෑ කර දීම අපගේ උත්සාහයයි
 

ධම්මික සෙනරත්

අවුරුදු 24 යි – අනුරාධපුරය

අධ්‍යාපනය – බාහිර උපාධිය, රංගනය හදාරා ඇත

රංගනය

අවස්ථාවක් ලැබී නැත

දක්ෂතාව - නර්තනය

 

ඩබ්ලිව්. ජී. නන්දන චමින්ද බංඩාර

අවුරුදු 30 යි – හගුරන්කෙත

අධ්‍යාපනය

අ. පො. ස. උ/පෙළ

රංගනය

වේදිකා නාට්‍යය, චිත්‍රපට

නිශංකා ප්‍රසාදි විජේවර්ධන

අවුරුදු 18 යි – ඇල්පිටිය

අධ්‍යාපනය

අ. පො. ස. උ/පෙළ

හදාරනවා

රංගනය

පාසල් වේදිකාව

එන්. ජී. ශිරන්ත

අවුරුදු 38 යි – මාතර

අධ්‍යාපනය – අ. පො. ස. සා/පෙළ, රංගන කලාව හදාරා ඇත

රංගනය

අවස්ථාවක් ලැබී නැත

අනුරාධා සමරවික්‍රම

අවුරුදු 19 යි – මාතර

අධ්‍යාපනය – අ. පො. ස. සා/පෙළ, රංගන කලාව හදාරා ඇත

රංගනය

අවස්ථාවක් ලැබී නැත

එම්. ඒ. අයේෂා මධුෂාණි

අවුරුදු 13 යි - කොළවෙනිගම

අධ්‍යාපනය

9 ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා

රංගනය

අවස්ථාවක් ලැබී නැත

දක්ෂතා -

නර්තනය (උඩරට වෙස්)

එන්. ආර්. නිරූපමා චන්දිමා

අවුරුදු 17 යි – මාවනැල්ල

අධ්‍යාපනය

අ. පො. ස. සා/පෙළ

හදාරමින් සිටී

රංගනය

අවස්ථාවක් ලැබී නැත

සුගත් නාමල් පතිරණ

අවුරුදු 21 යි – ගම්පහ

අධ්‍යාපනය

අ. පො. ස. උ/පෙළ, රංගනය හදාරා ඇත

රංගනය

ටෙලි නාට්‍යය, චිත්‍රපට

කල්පගේ ප්‍රියන්ත කුමාර

අවුරුදු 27 යි – බුත්තල

අධ්‍යාපනය

අ. පො. ස. උ/පෙළ

රංගනය - වේදිකා නාට්‍යය හා වීදි නාට්‍යය

දක්ෂතා - නිවේදනය, ගීත ගායනය, නර්තනය, සටන් කලාව


රඟපාමු තුළින් සිහිනය සැබෑ කර ගත් ශාක්‍යා

ළමා කාලයේ සිටම කලාවට පෙම් කළ ඇයගේ හීනය වුණේ කවදා හරි කලා ලොවේ දිදුලන තරුවක් බවට පත්වීමයි.

උපතින්ම කලා හැකියාවන් උරුම කර ගත් ඇය පියවරෙන් පියවර ජීවන ගමන් මඟ බලාපොරොත්තු කඩඉමක් පසු කළාය.

කලා ලොවට පිවිසෙන්නට පෙරුම් පුරන ඇයට සරසවිය සවියක්ම විය. රඟපාන්න ආසයි ඇයට ආශිර්වාදයක් වන්නේ රංගන ක්ෂේත්‍රයට දොරගුළු විවර කර දෙමිනි. අහස් කුස පැතිර ගිය අඳුර නසා සඳ නැඟ එන්නා සේ, ඇය පායා වී රංගන රඟමඬලේ.

ඇය රෙයාෂිනි ශාක්‍යා මුණසිංහ. කාර්යබහුල වෘත්තියක නිරත වුවත් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක යෙදෙන්නට ඈ බලාපොරොත්තුව සිටියි.

කලා ලොවේ විවිධ අංශවල හැකියාවන් පෙන්වන ඇය, රංගනයට අමතරව ගීත රචනා, ගායනය මෙන්ම චිත්‍ර ශිල්පයට ද එක සේ දස්කම් දක්වා ඇත. සිංහල, ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයක් ලබන ඇය පියාගේ සේවා මාරුවකට අනුව යාපනයට යන ගමනේදී දමිළ භාෂාව ද චතුර ලෙස හසුරුවන්නට පුරුදු විය.

නෙරංජලා - අබේවර්ධන බාලසූරිය ගයන ‘විඳ විඳ සිසිල සැනසුම’, පුන්සිරි සොයිසා ගයන ‘හිරුගෙ තරුගෙ රශ්මිය පරදා’, කීර්ති පැස්කුවල් ගයන ‘ඉරා අඳුරුපට බටහිර අහසේ’ යන ගීතයන් ශාක්‍යාගේ පන්හිඳෙන් ලියවුණු මිහිරි ගීතයන් වේ.

පාසල් වේදිකාවට පිවිසෙන ශාක්‍යා ගීත ගායනා, ගීත රචනා තරඟවලින් ජයග්‍රහණ රැසකට හිමිකම් කීමට සමත් වී ඇත. උසස් අධ්‍යාපනයෙන් අනතුරුව අද වන විට ඇය ලංකාවේ ප්‍රමුඛ පෙළේ සන්නිවේදන ආයතනයක සහකාර ඉංජිනේරුවරියක් ලෙස කටයුතු කරමින් සිටියි.

කාර්යබහුල වෘත්තීය ජීවිතයේ ඒකාකාරී බවෙන් මිදීමට ඇය තෝරා ගන්නේ රංගනයයි. ඒ ඔස්සේ පාං බට්ටා හි සංගීත ගුරුවරිය ලෙසත්, ඉතිං ඊට පස්සේ ටෙලි සිත්තමෙහි ද චරිත නිරූපණය කළ ශාක්‍යා මේ දිනවල ඒ. මුරුගනාද්ගේ යශෝධරා ටෙලි වෘත්තාන්තයේ සුමනාගේ චරිතයට පණ පොවයි.

සිය මව, පියා, එකම සහෝදරයා සහ ආදරණීය ස්වාමියාගේ සහාය ශාක්‍යාගේ රංගන ජීවිතයට ඉමහත් සවියක් වී තිබේ. මවගේ ලේඛන කලාවෙන් ලද ආභාෂයෙන් කලා ලොවට පිවිසි ශාක්‍යා, කලා ලොවේ නව මං සොයා යන්නට සූදානම්. චිත්‍රපටි, ටෙලි නාට්‍ය නැරැඹීමෙන් ලබන ස්වයං අධ්‍යයනය තුළින් ඇය රංගනය හදාරයි.

සුජිත් පරණවිතාන, මාලන් කරුණාරත්න, අජිත් ෆනැන්ඩු ඇතුළුව කලා ලොවට පිවිසෙන්නට අත හිත දුන් සරසවිය සැමට ශාක්‍යා සිය හෘදයාංගම ස්තුතිය පුද කර සිටියි. කලාව පිළිබඳ දැඩි විශ්වාසයකින් පසුවන ශාක්‍ය මුණසිංහ නොහොත් යශෝධරාහි සුමනාට රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්නට සරසවියේ සුබ පැතුම්!